IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ආයතන පහක ලාභ භාණ්ඩාගාරයට දෙයි

(අංජුල මහික වීරරත්න)

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන පහක වාර්ෂික ලාභාංශ ලෙස රුපියල් මිලියන 925ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම  ජනාධිපති කාර්යාලයේ දී අද (10) සිදු විය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් රුපියල් මිලියන 350ක්, සීමාසහිත ලංකා පොස්පේට් සමාගමෙන් රුපියල් මිලියන 300ක්, බී.සී.සී. සමාගමෙන් රුපියල් මිලියන 100ක්, ජාතික ලුණු සමාගමෙන් රුපියල් මිලියන 100ක්, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවෙන් රුපියල් මිලියන 75ක් ලෙස වාර්ෂික ලාභාංශ මුදල වූ රුපියල් මිලියන 925ක් මෙලෙස මහා භාණ්ඩාගාරයට පිරිනමා තිබේ. 

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ අදාල ආයතන ප්‍රධානීහු  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (6)

ආයතන පහක ලාභ භාණ්ඩාගාරයට දෙයි

de silva berlin Friday, 10 November 2023 04:14 PM

ගෝඨාභය ඇතුළු වැඩකරන විරුවෝ ෆේල් වුණත්, වඩේ කාරයා වැඩේ හරියට කරලා වගේ...

:       7       16

Bamunuarachchi Friday, 10 November 2023 04:18 PM

අපි මොනතරම් පහත් මට්ටමකද ඉන්නේ... තමන්ගේ පුද්ගලික බඩුවක් විකුණලා ලාභ ගත්තා වගේ ලැබූ ලාභය ගෙනැල්ලා රනිල්ට දෙන්නේ. මේ ආයතන විගණන වෙන්නේ කොහොමද? ආයතනය ලැබූ ලාභය රනිල්ට දුන්නා කියා සටහන් වෙනවද? ආයතන ලැබූ ලාභය රනිල්ට දෙන උත්සවක් පැවැත්වූවා නම් ඒකට ලක්ෂ ගාණක් යන්න ඇති... මොවුන් ලෝක විහිළු කාරයෝ...

:       16       23

චමින්ද කුමාර Saturday, 11 November 2023 05:38 PM

අනේ මෙහෙමත් මෝඩයෙක්. ඔය මුදල් අදාල ලේඛනයේ මුදල් පොත්වල සටහන් කරන්නේ රනිල්ට දුන්නා කියලා නොවෙයි... භාණ්ඩාගාරය නමින් ලියූ චෙක්පත් මගින් ඉතින් ඒවා රජයේ ඒකාබද්ධ අරමුදලට යනවා.. ඇත්තටම බමුණුතුමෝ මීට පෙර අවස්ථා ගණනක් ඔහේ රජයේ සේවයේ දශක කීපයක් හිටියා කියලා තිබුණා දැන් බැලුවාම එහෙම දෙයක් පේන්නේ නැහැනේ...

:       3       2

KAMBA hora Friday, 10 November 2023 06:12 PM

වඩේකාර් ගේ බූදලේ පින් ජනාට දෙනවා. මහ බැංකුවට දීපු ගේම වගේ වෙයි මේකට. අනෙක මේවා භාණ්ඩාගාරයට යැවීමට නිසි ක්‍රමවේදයක් තියෙනවා නේද? මේවා විගණනය වෙන්නේ කොහොමද? ඇමැති එයාට හිතෙන හැටියට කරනවා. පිනා සතුටින්... ඉන්නේ..!

:       10       12

සමන් Friday, 10 November 2023 06:38 PM

ගඟේ, මුහුදේ දැම්මා කියලා හිත හදාගන්න...

:       9       7

Ananda Thursday, 16 November 2023 01:46 PM

මහ බැංකු හොරාගෙ අතට සල්ලිත් දෙනව .මොලෙ කචල් වෙච්ච අය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 7 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site