සිසුවා තෙවැනි මහලෙන් බිමට දියගම තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිසුවකු ශිෂ්‍ය නේවාසිකාගාරයේ තුන් වෙනි මහලෙන් බිමට ඇද වැටී බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කහතුඩුවපොලිසිය පවසයි. 18 August 2023
සියඹලාණ්ඩුවේ මෙගාවොට් 100ක සූර්ය පැනල විදුලි ව්‍යාපෘතියක් සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100 ක බිම්ගත සූර්ය පැනල විදුලි උත්පාදන ව්‍යාපෘතියක් සඳහා කොන්ත්‍රාත්තුව පසුගියදා පිරිනැමීය. 18 August 2023
කුඹුරු සිතියම්ගත කරන්න ගොවීන්ගෙන් සල්ලි ගරලා රටපුරා ඇති කුඹුරු සිතියම්ගත කිරීම ආරම්භ කළ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. 18 August 2023
අලුත උපන් බිළිදිය රෝහලේ පිටුපස දමා ගිහින් දින තුනක් වයසැති බිළිදියක මහියංගනය මූලික රෝහලේ පිටුපස අතහැර දමා ගිය බව කියන එම බිළිදිය බිහිකළ බව කියන කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය පවසයි. 18 August 2023
අනතුරින් ව්‍යාපාරිකයා මරුට යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව නවගමුව ප්‍රදේශයේදී සිදුවූ රියඅනතුරකින් ව්‍යාපාරිකයෙකු මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි. 18 August 2023
හමුදාවට ගියත් ආරේ ගුණ නෑරේ මාදම්පේ රත්මල්ගාර රජයෙ වතු යායෙන් පොල් සොරකම් කිරීමේ නිරත වු යුද හමුදා ලාන්ස කෝප්රල්වරයකු වතු මුරකරුවන් හා පාලනාධිකාරිය එක්වි අද (18) මාදම්පේ පොලිසියට භාර දීමට කටයුතු කර තිබුණි. 18 August 2023
ගාල්ලට සහ මාතරට පොඩි වැස්සක් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 August 2023
දොඩම්ගොඩ ඝාතනයට දෙකක් සැකපිට ’’ මත්ද්‍රව්‍ය ජාවාරම ගමට හිසරදයක්’’ බවට මුහුණු පොතේ දැන්වීමක් පළ කිරීමේ සිද්ධියක් මුල් කරගෙන දොඩම්ගොඩ දොලේලන්ද ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දොඩම්ගොඩ පොලිසිය කියයි. 18 August 2023
දිසා 15ක ලක්ෂ භාගයකට බොන්න වතුර නෑ අධික නියගය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක පවුල් 54979 දෙනකු උග්‍ර පානීය ජල හිඟයකට මුහුණදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය. 18 August 2023
සංචාරකයන් මිලියන 5ක් ගෙන්වන සැලසුම කඩිනම් කරයි ඉදිරියේ දී වාර්ෂිකව සංචාරකයන් මිලියන පහක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 18 August 2023
වනිඳුගේ කැන්ඩි පිල අවසන් පූර්ව තරගයට ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17) රාත්‍රී පැවැති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී බී - ලව් කැන්ඩි ක්‍රීඩකයෝ ලකුණු 61 කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූහ. 18 August 2023
වැසූ ඌව වෙල්ලස්ස 21 සිට යළි අරඹයි දින නියමයක් නොමැතිව දැනට වසා දමා තිබෙන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ (3) තෙවන වසරේ සියලුම පීඨවල අධ්‍යායන කටයුතු මේ මස 21 වන දින යළි ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි . 17 August 2023
එළවළු මිල පාරිභෝගිකයාට ඔරොත්තු නොදෙයි වෙළඳපොළේ එළවලු මිල ගණන් දරාගත නොහැකි ලෙස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 17 August 2023
පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පකිස්තාන - ඇෆ්ගනිස්තාන එක් දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණියහ. 17 August 2023
‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතියට ක්‍රිකට් ආයතනයෙන් කෝටි 10 ක් රිජ්වේ ආර්යා රෝහල දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය’ට රුපියල් මිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 10 ක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව එහි සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. 17 August 2023
කුඩු කිලෝ 2 1/2 එක්ක පිලපීන ජාතිකයෙක් ඇතුළු දෙකක් මාට්ටු කොකේන් මත්කුඩු කිලෝ 2 1/2 ආසන්න ප්‍රමාණයක් සමග පිලිපීන් ජාතිකයකු ඇතුලු දෙදෙනකු නාරාහේන්පිට ප්‍රදේශයේ ලැගුම් හලක දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රේගු මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය මගින් අතඅඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 17 August 2023
විශේෂඥ වෛද්‍යවරයකු නෑ: කරාපිටියේ ළමයි කොළඹට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීට කරන ඒකකය සඳහා විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිවීම හේතුවෙන් එම රෝගීන් අදාළ පරීක්ෂණ සඳහා කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත මාරු කර යවන බව වාර්තා වී තිබේ. 17 August 2023
හෝමාගම කර්මාන්ත ශාලාවක ගින්නක් හෝමාගම කර්මාන්ත පුරය පුරයේ කර්මාන්ත ශාලාවක් මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි හෝමාගම පොලිසිය කියයි . 17 August 2023
මහාචාර්ය සමරකෝන් තට්ටේ මට්ටු කරයි අකලට හිසකෙස් ගැලවීයාම වළක්වා හිසකෙස් වර් ධනය කරන ඖෂධීය හිස ගල්වනයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර් ය සමීර ආර්. සමරකෝන් මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් නිපදවනු ලැබ තිබේ. 17 August 2023
කොන්දේසි තුනක් යටතේ විදුලිය මිලදී ගැනීමට අවසර මාස 6 ක කාලයක් සඳහා මෙගාවොට් 100 ක් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීමට කොන්දේසි තුනක් යටතේ ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය දුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (17) පස්වරුවේ පැවසීය. 17 August 2023
යතුරුපැදි අනතුරින් සැරයන් මරුට පාදුක්ක ඉංගිරිය මාර්ගයේ ශ්‍රි විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථානය අසල පාලම මතදී ලොරි රථයක් යතුරැ පැදියක ගැටීමෙන් අද (17) දින සවස සිදු වූ අනතුරින් යතුරු පැදියෙහි ගමන් ගත් පොලිස් සැරයන්වරයකු මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය පවසයි. 17 August 2023
නීතියට පිටින් කෝටි ගණන් ගනුදෙනු කළ සමාගමක අධ්‍යක්ෂවරුන්ට විදෙස් ගමන් තහනම් මහබැංකුවේ අවසරයකින් තොරව නිතිවිරෝධී අන්දමින් මහ ජනතාවගේ මුදල් තැන්පතු ලබා ගෙන රුපියල් කෝටි ගණනින් ගනුදෙනු කළ පෞද්ගලික සමාගමක අධ්යක්ෂවරුන් තිදෙනකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (17) නියෝගයක් නිකුත් කළාය. 17 August 2023
එල්ලේ ගහන්න ආ සිසුන් දෙදෙනාගේ සිරුරු වගා ළිඳේ වව්නියාව පූවර්සන්කුලම් පොලිස් වසමේ පම්පමඩුව ප්රරදේශයේ එල්ලේ තරඟයක් සඳහා පැමිණි සිසුන් දෙදෙනෙකු අද (17) සවස අනාරක්ෂිත ජලය පිරුණු වගා ළිඳකට වැටීමෙන් එම සිසුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවට පොලීසිය පවසයි. 17 August 2023
දේශීය ආදායම් පනත සංශෝධනයට රාජ්‍ය බදු යාන්ත්‍රණය ඉහළ නංවාලීම සඳහා දේශීය ආදායම් පනත කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 17 August 2023
දඹුල්ල අවුරා අවසන් මහ තරගයට එයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ධනංජය ද සිල්වා නායකකත්ව දරණ දඹුල්ල අවුරා පිල අද (17) සමත් විය. 17 August 2023
පාර්ලිමේන්තු මහලේකම්වරියගෙන් දැඩි තීරණයක් පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සමහර රූමත් සේවිකාවන්ට ඇතැම් ප්‍රධානීන්ගෙන් සිදුව ඇතැයි පැවසෙන ලිංගික හිංසන සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයේදී යම් නිලධාරියකු හෝ පිරිසක් එවැනි වරදක් කර ඇති බව තහවුරු වුවහොත් ඔවුනට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 17 August 2023
තෙල් සංස්ථාවේ ගින්නක් තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ 6 තට්ටුවේ ගින්නක් හටගෙන ඇති බවත් එම ගින්න පාලනය කිරීමට තෙල් සංස්ථාවේ ගිනි නිවන ඒකකය කටයුතු කරමින් සිටින බවත් එහි නිලධාරියෙක් පැවසීය. 17 August 2023
කුරුණෑගලම පිපාසයේ? දැඩි නියගය නිසා දැදුරු ඔයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් කුරුණෑගල නගරයට ජල සැපයුම සීිමා කිරිමට සිදු වන බව ජල සම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කුරුණෑගල දිස්ත්‍රික් ඉංජිනේරු කුසල් මනම්පේරි මහතා පැවසීය. 17 August 2023
ඊ.පී.එෆ් පිලි ලේඛන පරිස්සම් කරගන්න සේවක අර්ථ සාධක අරමුදලට සම්බන්ධ ලිපි ලේඛන සුරක්ෂිතව තබා ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එහි සමාජිකයන්ගෙන් සහ සේවා යෝජකයන්ගෙන් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි. 17 August 2023
පාන් පිටි ගැන මුදල් කමිටුවෙන් නියෝගයක් ප්‍රධාන සමාගම් දෙකට අතිරේක ලාභයක් ලබාගත නොහැකි වන පරිදි පාන් පිටි කිලෝවක විකුණුම් මිල රුපියල් 198 ක් ලෙස නිවේදනය කරන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 17 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026