IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපති මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කරයි

(අංජුල මහික වීරරත්න)

ඉදිරි මැතිවරණ කටයුතු මෙහෙයවිය යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත් කර තිබේ.

අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග,හරීන් ප්‍රනාන්දු ,ටිරාන් අලස්, මනුෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නිමල් ලන්සා,ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත්  චින්තක කරුණාරත්න එම කමිටුවේ සාමාජිකයෝ වෙති.

එම කමිටුව සෑම සතියකම රැස්විය යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

මේ අතර ජනාධිපතිවරයා විසින් දේශපාලන කැබිනෙට්ටුවද රැස්කර ඇති අතර ඉකුත් සඳුදා පළමු වරට රැස්වූ දේශපාලන කැබිනටුවේදී ඉදිරි මැතිවරණයක් වෙනුවෙන් සංවිධානය වන ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇත.

 



අදහස් (2)

ජනපති මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කරයි

Nimal Monday, 04 March 2024 10:26 AM

මහදැන මුත්තා වටා සිටින ගෝලයෝ රොත්ත. මේ අයව ගාව ගත්තාම පරාජය තවත් තීව්‍ර වෙනවා. මේ සඳහා රාජ්‍ය නිලධාරීන් බඳවා ගෙන ඇත්තේ ඇයි?

:       0       14

Rata Perata Monday, 04 March 2024 12:43 PM

කියලා තිබුණා නේද මෙයා නිර්පාක්ෂිකයි කියලා... හැමතැනම බොරුව...

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site