(මනෝප්‍රිය ගූණසේකර)
නීතීවිරෝධී ආකාරයෙන් ගෙන්වු සිගරට් 160ක් ලඟ තබාගැනීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයකුට මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය රුපියල් 80 000/-ක දඩයක් පැනවුවාය.
තීරූ බදු රහිතව ගෙන්වන ලද සිගරට් ලඟ තබාගැනීමේ චෝදනාවට වරද පිළිගැනනීමම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ මට්ටක්කුලිය කාකා දුපතේ පදිංචි තංගරාජා කවිලන් ප්‍රදීපන් නමැත්තාටය.
තීරූ බදු රහිතව ගෙන්වන ලද සිගරට් 160ක් ලඟ තබා ගැනීමේ චෝදනා යටතේ මෝදර පොලිසිය විසින් දුම්කොළ බදු පනත යටතේ විත්තිකරුට එරහිව නඩු පවරා තිබිණී.
චෝදනාවට වරද පිළිගන්නා බව විත්තිකරු අධිකරණයට හමුවේ පැවසීය.
පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි මෝදර පොලිසියේ කොස්තාපල් 103186 අබේරත්න මහතා කරුණු දක්වමින් තීරූ බදු රහිතව හොර රහසේ ගෙන්වන සිගරට් හේතූවෙන් ලංකාවට විශාල ආදායමක් අහිමිවන බවත් එහෙයින් මෙම වංචනිකක්‍රියාවට සම්බන්ධ වන අනෙකුත් පුද්ගලයින්ටද පාඩමක් වන ලෙස විත්තිකරුට දඬුවම් පමණුවන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවරිය නීතී විරෝධී එක් සිගරට්ටුවකට රුපියල් 500/- බැගින් සියරට් 160ට රුපියල් 80000/-ක දඩයක් පැනවුවාය.
පැමිණීල්ල වෙනුවෙන් මෝදර පොලිසියේ කොස්තාපල් 103186 අබේරත්න මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිගරට් 160කට අසූදහක් දඩ