රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් තහනම් කර තිබේ. 19 December 2025
’ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත ගැන විධිමත් පරීක්ෂණයක් ඕනෑ ප්‍රමිතියෙන් තොර ඖෂධයක් ලෙස සැක කරමින් අත්හිටුවා ඇති ’ඔන්ඩැන්සෙට්‍රෝන්’ නමැති එන්නත සම්බන්ධයෙන් රෝහල් රසායනාගාරයක කළ පරීක්ෂණය පිළිබඳ විධිමත් විමර්ශනයක් ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට ලිපියක් යොමු කර තිබේ. 19 December 2025
රට ගොඩනගන්න සී.බී.එල් කෝටි දහයක් දෙයි දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට CBL සමූහ ව්‍යාපාරය (CBL Group) රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් කළේය. 19 December 2025
මරණ සහතික දෙන්නත් උත්සව තියලා රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත් ජනතාවට මේ දක්වා කිසිදු වන්දියක් ලැබී නැති බව ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 19 December 2025
පිහි ඇනුමකින් තුවාල වූ අයෙක් රෝහලේදී මරුට නාවල සේනානයක මාවත අසලදී මෝටර් රථයක් තුළ ඊයේ (18) දින රාත්‍රී දී සිදු වූ පිහි ඇනුමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි වැලිකඩ පොලිසිය පවසයි. 19 December 2025
බංගලාදේශය යළි ගිනි ගනී හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහ කළ තරුණ ව්‍යාපාරයේ ප්රමුඛ නායකයකු වු ෂරීෆ් ඔස්මාන් හාඩි ඊයේ (18 ) දින මිය යාමෙන් පසු බංග්ලාදේශයේ ප්‍රචණ්ඩකාරී තත්වයක් නැවත උද්ගතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 19 December 2025
පස්සර -මඩොල්සිම මාර්ගයට ගලක් පෙරැළෙයි පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගය ට විශාල ගල්පර්වතයක් අද (19) උදෑසන කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය මුලුමනින්ම ඇනහිට ඇතයි මඩොල්සිම පොලිසිය පවසයි . 19 December 2025
පළාත් කීපයකට මිලි මීටර් 75 වැඩි තරමක තද වැසි නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රක්කවල විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක තරමක තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 19 December 2025
ඕමානයේ ඉහළම ගෞරව සම්මානයත් අගමැති මෝදිට අග්‍රාමාත්‍ය මෝදි, දෙදින සංචාරයක් බලා ඕමානයට ගියේ ජෝර්දානයේ සහ ඉතියෝපියාවේ සංචාරය කරමිණි. මෝදි, ඉතියෝපියාවට ගියේ පළමු වරටය. ඉතියේපියා රජයේ ඉහළම ගෞරව සම්මානය ද මෝදිට හිමිවිය. 19 December 2025
ෆේස් බුක් මත්සාදයකින් තරුණියක් ඇතුළු 13ක් මාට්ටු මුහුණු පොත මාර්ගයෙන් හදුනාගත් පිරිසක් එක්ව පවත්වන ලද ෆේස් බුක් මත්ද්‍රව්‍ය සාදයක් වටලා අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණියක ඇතුලු 13 දෙනකු අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි. 18 December 2025
රන්වල සිද්ධියෙන් මැති සබය කැළඹේ හිටපු කතානායක අශෝක රන්වල මහතා පැදවූ වාහනයට කාන්තාවන් දෙදෙනකු සහ කුඩා දරුවකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් අද ඇතිවිය. 18 December 2025
රට නගන අරමුදලට තවත් ඩොලර් 16,000ක් දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ගිෆ්ට් ශ්‍රී ලංකා පදනම සහ ජෝර්ජියා බෞද්ධ විහාරය ඇමරිකා ඩොලර් 16,000ක පරිත්‍යාගයක් කළේය. 18 December 2025
මහවැලි නිම්නයට ගංවතුර අවදානමක් මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශ වලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන් අද (18) පස්වරු 6 සිට පැය 24 ක කාලයේ මහවැලි ගඟට ආසන්න පහත් බිමවල සුළු ගංවතුර තත්ත්වයන් ඇති වීමේ හැකියාව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. 18 December 2025
සහකාර පොලිස් අධිකාරීවරුන් 11කට උසස් වීම් සහකාර පොලිස් අධිකාරීවරුන් 11 දෙනකු පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 18 December 2025
අලියාට ගිනි තැබූ තිදෙනා රිමාන්ඩ් පන්දම් වලින් ගිනි තබා, ඇස්පෙනීමේ දුර්වල, පාදයට වෙඩි තැබීමෙන් ඇවිදීමේ අපහසුතාවයකින් සිටි වන අලියකු පුළුස්සා මරා දැමී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන 24 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සඳුනි හපුආරච්චි මෙනවිය නියෝග කළාය. 18 December 2025
මැතිසබේ ඇත්තන්ට දිගු නිවාඩුවක් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට කතානායකවරයාගේ අනුමැතිය පරිදි විශේෂ නිවාඩුවක්( ලබන 22 සහ 23 ) ලබාදී ඇත. 18 December 2025
මොරගහකන්දත් පිටාර මට්ටමට ආසන්න වේ මොරගහකන්ද ජලාශය වාන්මට්ටමට ආසන්නවන බව එහි කාර්යභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 18 December 2025
සමගියේ අසමගියෙන් කඩුගන්නාව ඇයවැය පරදි සමගි ජන බලවේගයට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ 2026ට අදාළ අයවැය ප්රකාශනය පරාජය වීය. 18 December 2025
මහනුවරට යළි මහ වැසි:නාය යාමේ අවදානමක් මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් අද දිනයේ (18)උඩදුම්බර හුන්නස්ගිරිය ප්‍රදේශයේ නිවාස දෙකක් නායයෑමට ලක්වීම නිසා පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 18 December 2025
තද වැසි නිසා මධ්‍යම සියලු පාසල් 19 සිට 28 තෙක් වසා තැබෙයි පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මධ්‍යම පළාතේ සියලුම පාසල්වලට මේ මස 28 වැනි දින දක්වා නිවාඩු දීමට තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මධුපානී පියසේන මහත්මිය පවසයි. 18 December 2025
පුංචි ශ්‍රි පාදේ ගිය කත ප්‍රපාතයකට වැටී රෝහලේ ඇල්ල ප්‍රදේශයේ පිහිටා ඇති පුංචි ශ්‍රී පාදය නැරඹීම සඳහා කන්ද නගිමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් අඩි පනහක පමණ ප්‍රපාතයකට ඇද වැටීමෙන් 18 December 2025
මහනුවර පවුල් තිස් දාහකට විසිපන්දාහේ දීමනාව ලැබී නෑ රුපියල් විසිපන්දහසේ සහනාධාර මුදල ලැබී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 21431කට පමණක් බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය. 18 December 2025
රන්වලගේ සිද්ධියට සපුගස්කන්ද OIC ඇතුළු පිරිසක් ගැන විමර්ශන කැලණිය, සපුගස්කන්ද, දෙණිමුල්ල ප්‍රදේශයේදී හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ගමන් ගත් ජීප්රථය මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරින් පසුව ඒ මහතා බීමතින් සිටියේද යන්න සොයාබැලීම සදහා ඇල්කොලයිසර් පරීක්ෂණ සිදු නොකිරීමෙන් පොලිසිය රාජකාරිය පැහැර හැරියේ දැයි සොයයි. 18 December 2025
මහවැලිය පිටාර ගලයි:සෝමාවතිය පාර වහයි මහවැලි ගඟ පිටාරගැලීම හේතුවෙන් සුංගාවිල සෝමාවතීය මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වීමත් සමඟ අද (18) සියලු වාහන ගමනාගමන කටයුතු සඳහා එම මාර්ගය වසා දැමීමට කටයුතු කළ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ කාර්යාලය සඳහන් කරයි. 18 December 2025
වික්ටෝරියා-රන්දෙනිගල-රන්ටැඹේ වාන් දමයි පවතින වර්ෂාපතනයත් සමඟ මහවැලි අධිකාරියට අයත් ජලාශ වාන් දැමීම සම්බන්ධව ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය - දිගන කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී.එම්.ධර්මදාස මහතා අද (18) පැවසීය. 18 December 2025
බදුල්ල - අඹේවෙල දුම්රිය මාර්ගය අනිද්දා ඇරේ බදුල්ල අඹේවෙල දුම්රිය මාර්ගය අනිද්දා (20) විවෘත කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 December 2025
ගජමුතු සමඟ දෙන්නෙක් අල්ලයි දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් , වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ කලාප කාර්යාලයේ නිලධාරීන් හා මහව බීට්ටු කාර්යාලයේ නිලධාරීන් විසින් මාතලේ නගරයේදී එක්ව කළ වැටළීමකදී රුපියල් ලක්ෂ 10කට අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි ගජමුතු දෙකක් හා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 18 December 2025
දුම්රිය මාර්ග තුනෙන් දෙකක් තවම වැඩ නෑ කාලගුණ ආපදාවෙන් දුම්රිය මාර්ග විනාශවීම හේතුවෙන් තවමත් දුම්රිය ධාවනය කෙරෙන්නේ මාර්ග පද්ධතියෙන් තුනෙන් එකක ප්‍රමාණයක බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 December 2025
කෝටි 33ක දුම්වැටි සමඟ 5ක් අල්ලයි වෙළදපොල වටිනාකම රුපියල් කෝටි 33 ක් පමණ වටිනා තීරු බදු නොගෙවූ විදේශීය දුම්වැටි තොගයක් සමගින් සැකකරුවන් පස් දෙනෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි. 18 December 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026