
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය තාන්ත්‍රික සේවය නිම කරමින් පිටත්ව යන ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී (Miyon LEE) මහත්මිය අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූවාය.
ශ්‍රී ලංකාව සහ කොරියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ නව වැඩසටහන් කෙරෙහි දැක්වූ දායකත්වය අගය කරන බව කොරියානු තානාපතිනිය මෙහිදී සිහිපත් කළාය.
නව රජය බලයට පත්වීමෙන් අනතුරුව ආරම්භ කළ දූෂණ විරෝධී වැඩසටහනට සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් කොරියානු රජය ලබාදුන් දායකත්වය පිළිබඳව මෙහිදී ජනාධිපති ලේකම්වරයාගේ පැසසුමට ලක්විය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Eunji Kang යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd