(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානයේ ඝාතනයට ලක් වූ උත්තරීතර නායක අලි කමේනිගේ දේහය අද (10) මෂාඩ් නගරයේ ඉමාම් රෙසා දේවස්ථානයේදී මිහිදන් කෙරිණි. ඉමාම් රෙසා දේවස්ථානය එරට ශුද්ධතම ෂියා දේවස්ථානය ලෙස සැළකේ.
දීර්ඝ අවමංගල්‍ය උත්සවයකින් පසුව කමේනිගේ දේහය ඉමාම් රෙසා දේවස්ථානයේදී මිහිදන් කෙරිණි. මිහිදන් කිරීමට සහභාගී වීමට සියලු දෙනාටම අවස්ථාව හිමිව නැතත් අවමංගල්‍ය උත්සවය පැවැති දින කීපයේදී කමේනිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ 150කට වැඩි පිරිසක් සහභාගී වී ඇත. කමේනි ඝාතනය වී මාස 4 කට පසුව අවමංගල්‍ය උත්සවය පැවැත්විණි.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකානු ප්‍රහාර මාලාවකින් කමේනි මරණයට පත්වූ අතර අවමංගල්‍ය උත්සවය මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබිණි. නමුත් ඇමෙරිකානු ඉරාන යුද්ධය හේතුවෙන් කමේනිගේ අවමංගල්‍ය උත්සවය මෙම මස දක්වා කල් තැබිණි. කමේනිගේ අවමංගල්‍ය උත්සවයට ලක්ෂ 150 කට ආසන්න ජනතාවක් සහභාගී වී ඇතත් අවශ්‍යම පුද්ගලයා ඊට සහභාගී වී නොමැති බව පැවැසෙයි.
මියගිය අයතුල්ලා අලි කමේනිගේ පුත් නව ඉරාන උත්තරීතර නායක මොජ්ටබා කමේනි අවමංගල්‍ය උත්සවයට සහභාගීවී නොමැති අතර ඊට විශාල පිරිසකගේ අවධානය යොමුවී තිබිණි. පසුගිය පෙබරවාරි 28 වැනිදායින් පසුව මොජ්ටබා කමේනි ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැත. අවසන් යාච්ඤාව කමේනිගේ වැඩිමහල් පුත් මුස්ටෆා කමේනිගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත.
අවමංගල්‍ය උත්සවය අතරතුරද ඇමෙරිකාව සහ ඉරානය එකිනෙකාට ප්‍රහාර එල්ල කරගෙන තිබිණි. මිහිදන් කිරීම සඳහා ටෙහෙරානයේ සිට විශේෂ ගුවන් යානයකින් කමේනිගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ දේහයන් මෂාඩ් නගරය වෙත රැගෙනවිත් ඇත. ඇමෙරිකාව මෂාඩ් නගරයට දිවයන දුම්රිය පාරටද බෝම්බ හෙළා තිබූ අතර එය ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය දැඩිව විවේචනය කර තිබිණි.
කමේනිගේ අවමංගල්‍ය උත්සවය මෙතෙක් පැවති ලොව විශාලතම අවමංගල්‍ය උත්සවයද වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්‍රායල, ඇමරිකානු බොම්බ ප්‍රහාර වලින් කුඩු පට්ටම්වී, යකඩ කම්බි කූරු, කොන්ක්‍රීට් වලට යටවී, අළු දූවිලිවී එලොව ගිහින් තියෙන්නේ ඉරාන දිග රැවුල් කාර, කළු ලොගු කාරයන් " උත්තරීතර ආගමික නායකයා " කියා හංවඩු ගසා, දෙවත්වත්වයෙන් පිදූ, අයතුල්ලා කමෙනි විතරයිද? ඒ ප්‍රහාර වලින් තව සිය ගණනක් දෙව්ලොව ගියා කියමින් එම කළු කබාකාරයින්ම කිඹුල් කදුළු හෙලමින් රටෙ ජනතාව උසිගැන්වූ අයුරු සැමට තවම මතකය ... බලන් ගියාම ඒ මැරුණු හැමෝම කමෙනිලාද ? අයතුල්ලා කමෙනිගෙ කියා කුඩුවී ගිය බොඩිය කියා දැවැන්ත කොන්ක්‍රීට් කුඩු කන්දක් අස්සෙන් "අහුලා ගෙන", මාස හතරක් තිස්සේ දිරාපත් වීමට ඉඩහැර, මුළු මහත් ඉරාන ජාතියම "ගොනාට අන්දවා", රටවටෙ ප්‍රදර්ශනය කර වැලලීමට තරම්, මෙම කළු කබා "සූත්තර පුංචන්" සමත් වුනෙ කොහොමද කියා ඉරාන ජාතිකයන්ට නොතෙරීම අභාග්‍යයක් නොවේද????