
(අංජුල මහික වීරරත්න)
ගොවි ජනතාව ඉතා හොඳින් බලාගෙන ඔවුන්ට වඩා හොඳ ජීවිතයක්, සමාජ වටිනාකමක් සහ ගෞරවයක් හිමි කර දීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුරයේදී පැවසීය.
පොහොර සහනාධාරය දෙගුණයකින් ඉහළ නැංවීම, දිට්වා සුළි කුණාටුව හමුවේ විනාශ වූ වගා බිම් සඳහා ඉතිහාසයේ වැඩිම වන්දි මුදල් ලබා දීම, වී මිලදී ගැනීම සඳහා ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කිරීම මෙන්ම මහා පරිමාණ වාරි ජල ව්‍යාපෘතිවල කටයුතු යළි ආරම්භ කරමින් වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීමට පියවර ගැනීම ඇතුළු ගොවි ජනතාව වෙනුවෙන් සැලකිය යුතු වැඩ කොටසක් රජය ඉටු කරමින් තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද (10) එක් වෙමිනි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින කාලීන වකුගඩු අකරණ රෝගයට පිළියමක් ලෙස ප්‍රදේශයේ පවුල් ඒකක 67,000ක් සඳහා පිරිසිදු සහ සෞඛ්යාරක්ෂිත පානීය ජලය ලබා දීමේ අරමුණ පෙරදැරිව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
1990 දශකයේ සිට මෙම ප්‍රදේශවල ව්‍යාප්ත වන හඳුනාගත නොහැකි වකුගඩු (CKD) රෝගය සඳහා පිරිසිදු පානීය ජලය නොමැතිකම ප්‍රධාන හේතුවක් බව අනාවරණය වී තිබෙන බවත්, එබැවින් මෙම ව්‍යාපෘතිය හුදු යටිතල පහසුකම් සංවර්ධනයක් නොව, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමක් බවත් ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd