ක්න්ටේනරය ඇතුලේ මළ සිරුරක් කොළඹ වරායේ යු ටි සි අංගනය වෙත පැමිණි කන්ටේනරයක එන්ජින් කොටසේ එහි සහායකයා හිටිහැටියේ මියගොස් ඇතැයි වෙරළ බඩ පොලිසිය කියයි. 02 September 2024
දැවැන්ත ව්‍යාපෘති 50 ක තොරතුරු තවමත් ජනතාවට වහං කරගෙන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රුපියල් කෝටි ලක්ෂයකට වටිනාකමින් යුත් මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 50 ක් පිළිබඳ ජනතාවට තොරතුරු හෙළි කර ඇති ප්‍රතිශතය සමස්තයක් ලෙස සියයට 36 ක් බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 02 September 2024
කාටුකුලියන්කුලම දෙපිරිසක් ගැටී අයෙක් මරුට කාටුකුලියන්කුලම ප්‍රදේශයේ නිවසකදි දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් දුරදිග ගොස් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා අද (02) දින රොහල් ගත කළ බව පරසන්ගස්වැව පොලිසිය කියයි. 02 September 2024
ජාන සොයා ගිය රුසියානුවන් දෙදෙනා රිමාන්ඩ් නකල්ස් සංරක්ෂිත වනාන්තරය, සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වී මෙරටට ආවේනික ජෛව සම්පත් කොල්ලකෑමට උත්සහ කළැයි කියන රුසියානු ජාතික තරුණයන් දෙදෙනා අද (3) දින දක්වා යළි රිමාන්ඩ් කරන්නැයි ඇඹිලිපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඩිලාන් ගමගේ මහතා නියෝග කළේය. 02 September 2024
මත්පැන් සාදය තරුණයකු බිලි ගනියි මත්පැන් සාදයක් පවත්වමින් සිටි තරුණයින් පිරිසක් අතර ඇතිවු බහින් බස් විමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදි එක් අයෙකු අද සවස ඝාතනය කර ඇතැයි රත්ගම පොලිසිය පවසයි. 02 September 2024
අපේක්ෂකයෝ රැසක් ගුවන් කාලයට පස්ස ගහලා ජනපති අපේක්ෂකයන් වැඩි පිරිසක් ජාතික රූපවාහිනියෙන් සහ ගුවන් විදුලි සංස්ථාවෙන් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා ගුවන් කාලය ගැනීමට මෙතෙක් ලොකු උනන්දුවක් දක්වා නැතැයි වාර්තා වේ. 02 September 2024
රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න කැබිනට් අනුමැතිය රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 02 September 2024
ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් වෙයි මෙම වසරේ පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන නිකුත් කර තිබේ. 02 September 2024
සුමන්තිරන් සජිත් අගමැති කරන්න යෝජනා කළත් ඔහු පළා ගියා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ 2022 වසරේ මැයි මාසයේ අගමැතිධූරයෙන් ඉල්ලා අස් වූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතාට අගමැතිධුරය භාර දෙන ලෙස එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉල්ලා සිටි නමුත් ඒ අවස්ථාවේදී ද සජිත් පලා ගිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. 02 September 2024
ආණ්ඩුවේ බදු මර උගුලින් රාජ්‍ය සේවකයන් මුදා ගන්නවා ආණ්ඩුවේ බදු මර උගුලින් රාජ්‍ය සේවකයන් මුදා ඔවුන්ගේ සේවයට වැඩි වටිනාකමක් ලබා දෙන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 02 September 2024
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නැති කරන යෝජනා දී ඇත්තේ එක්කෙනයි රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් කිරීමට රනිල් හැර කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට අදහසක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 02 September 2024
තැපැල් ඡන්දය 4 - 5 - 6 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අනිද්දා (4), ලබන 5 වැනිදා සහ ලබන 6 වැනිදා පැවැත්වීමට නියමිතය. 02 September 2024
හොරෙන් ගෙනා කෝටි 7ක දුම්වැටි විනාශ කරයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන රාජසන්තක කෙරුණු රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා දුම්වැටි ලක්ෂ තිහකට වැඩි ප්‍රමාණයක් ඊයේ ( 2 ) විනාශ කරනු ලැබීය. 02 September 2024
උප්පැන්න දෙන්න මරණ සහතිකය පුරවන නුවරඑළිය රෝහල නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට පැමිණෙන පොදු ජනතාවට උප්පැන්න සහතිකය ලබා ගැනීමේ අයදුම්පත වෙනුවට මරණ සහතිකයක් ලබාගැනීමේ අයදුම්පත නිකුත් කිරීමට ප්‍රාදේශීය ලේකම්කාර්යාල නිලධාරී මණ්ඩයේ කටයුතු කිරීමෙන් දැඩි අපහසුතාවයට පත්වීමට සිදුවන බව මහජනතාව මැසිවිලි නගති. 02 September 2024
ඉහළ මහලෙන් පැන්න තරුණිය කතකුත් මරාගෙන මැරෙයි ජපානයේ වාණිජ ගොඩනැගිල්ලක 12 වැනි තට්ටුවෙන් බිමට පැන්න 17 හැවිරිදි පාසල් සිසුවියක් ඇඟට වැටී එම ගොඩනැගිල්ල අසළ පදික වේදිකාවේ ගමන් කළ 32 හැවිරිදි කාන්තාවක් මරණයට පත්වූවාය . 02 September 2024
‘නාමල් දැක්ම’ එළිදකියි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිමය ඉලක්කය සහ නව්‍යකරණ වැඩපිළිවෙළ ඇතුළත් ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද (2) පෙරවරුවේ ජනගත කළේය. 02 September 2024
ක්ලබි වසන්ත ඝාතන සිද්ධියේ සැකකරුවෝ යළි රිමාන්ඩ් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා සහ තවත් අයෙකු අතුරුගිරිය කැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ඇතුළු සැකකරුවන් දොළොස් දෙනෙකු ලබන 13 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (02) දින නියෝග කලාය. 02 September 2024
දිය රකුසා පොලිසියට පරදී ගල්කිස්ස වෙරළ තීරයේ විනෝදයට දිය නාමින් සිටි 16 හැවිරිදි පාසල් ළමුන් තිදෙනෙකුත් දියවැලකට හසුව ගසාගෙන යමින් සිටියදී ගල්කිස්ස පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් ක්ෂණිකව ක්‍රියාත්මකවී ඔවුන්ගේ දිවි බේරාගෙන ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 02 September 2024
වාමාංශික බලකොටුත් රනිල්ට වාමාංශික බල කොටු පවා අද රනිල් වික්‍රමසිංහ ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළ ගැසී සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 02 September 2024
ජර්මන් අතුරු මැතිවරණය: අන්ත දක්ෂිණාංශිකයන්ට ජය ජර්මනියේ අතුරු මැතිවරණයක් පැවැත්වුණු අතර එය ජය ගැනීමට සංක්‍රමණික විරෝධී, අන්ත දක්ෂිණාංශික, ‘ඒ.එෆ්.ඩී’ විකල්ප දේශපාලන කණ්ඩායම සමත් විය. ‘ඒ.එෆ්.ඩී’ පක්ෂය ඓතිහාසික ජයක් හිමිකරගත් බව, ජර්මන් මාධ්‍ය වාර්තා කළේය. 02 September 2024
බිරිඳ ඝාතනය කළ සැමියාට මරණ දඬුවම යකඩ පොල්ලකින් පහරදී බිරිඳ ඝාතනය කළබවට චෝදනා ලැබූ පුද්ගලයෙකුට ඌව පළාත් මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් මරණ දඩුවම නියම කළේය. 02 September 2024
වල් අලියා දරු තිදෙනා පාරට ඇද දමයි වන අලියෙකු පහරදීමෙන් නාඋල රජාවෙල ගම්මානයේ පනස් හැවිරිදි තිදරු පියකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි නාඋල පොලිසිය කියයි. 02 September 2024
බඳින තුවක්කුව පත්තුවී දෙදරු මව රෝහලේ මොනරාගල , නක්කල කුරුඳුගොඩ ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තු වී දෙදරු මවක් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. 02 September 2024
රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ තල්මසා මැරිලා රුසියන් ඒජන්තවරුන් විසින් ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට අයත් රටවල නාවික කටයුතු සම්බන්ධයෙන් ඔත්තු බැලීම සඳහා පුහුණු කළ බව පැවැසෙන බෙලූගා වර්ගයේ තල්මසා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 02 September 2024
බොලිවුඩයේ ධනවත්ම නිළිය ජූහී චවුලා 2024 වර්ෂය සඳහා ‘හුරුන් ඉන්දියා රිච් ලිස්ට්’ හෙවත් ‘ධනවත් ඉන්දියානුවන්ගේ ලැයිස්තුව’ පසුගිය දා ප්‍රසිද්ධිය පත් කෙරුණු අතර, ඒ අනුව, බොලිවුඩයේ ධනවත්ම නිළිය වන්නේ ජූහී චවුලාය. ඇගේ ශුද්ධ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 4,600 ක් යැයි පැවැසෙයි. 02 September 2024
ගාල්ලේ ගුරු සාදයකට මැකෝ හරස්වෙයි ගුරුවරුන් සඳහා ගාල්ලේ හෝටලයක සංවිධානය කර තිබු සාකච්ඡාවක් සහ සාදයක් දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගොස් තහනම් කළේය. 02 September 2024
අ‘පුර මණ්ඩලයට වී නැහැ ගොවීන්ගේ වි මිලදි ගැනිම සදහා වි අලෙවි මණ්ඩලයට අයත් අනුරාධපුර ගබඩා විවෘත කොට දින දහයකට අධික කාලයක් ගතවුවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිදු ගොවියෙක් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකළ බව වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශිය කළමණාකරු නිමල් තෙන්නකෝන් මහතා පවසයි. 02 September 2024
යුද හමුදාවේ අටක් අත්අඩංගුවට බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රිය තුළදී සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරුණු යුද හමුදා සෙබළුන් අට දෙනකු බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 02 September 2024
තැනින් තැන අදත් වැසි බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 September 2024
‘‘තැබෑරුම නොවැහුවොත් ඡන්දෙට අපි නෑ‘‘ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරිමට ලබා දි ඇති මත්පැන් අලෙවි බලපත්‍රය අවලංගු කිරිමට බළධාරීන් පියවර නොගතහොත් වටවල ප්‍රදේශයේ කිසිදු ජන්ද දායකයකු ජනාධිපතිවරණයේදි කිසිදු අපෙක්ෂකයකුට ජන්දය භාවිතා කිරිමෙන් වැලකි සිටින බව මත්පැන් අලෙවිසල විවෘත කිරිමට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවෝ පිරිසක් පවසති. 02 September 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026