චන්න ජයසුමනට අසේල සම්පත්ගේ කණගාටුව: පැවරූ නඩුව සමතයකට
ප්රවෘත්ති සාකච්ඡාවකදී අපහාසාත්මක ප්‍රකාශ කිරීමෙන් සිදුවූ කීර්ති හානියට රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන්නයි ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතාට එරෙහිව පැවරු නඩුව සමථයකට පත්කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද (05) නියෝග කළේය.