ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික වටිනා පෙර ගෙවුම් කාඩ්පත් සොරාගත් පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙකු සහ 17 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලිසිය කියයි. 1 year ago
දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි 70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි. 1 year ago
හඳට සමාන බොරු හඳක් හදලා අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත් ගගනාගාමීන් එහි පුහුණුවීම් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ. 1 year ago
දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණියගේ දිවි බේරා ගැනීමට දුම්රිය රියදුරුගේ දැඩි අවධානය නිසාවෙන් අද (10) උදෑසන හැකි ව ඇත. 1 year ago
හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක් බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 1 year ago
ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගේ පුද්ගලික පාවිච්චිය සඳහා හොර රහසේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල යවා ඇතැයි ඇමෙරිකානු මාධ්‍යවේදියකු වන බොබ් වුඩ්වර්ඩ් ලබන 15 වැනිදා එළිදැක්වීමට නියමිත ‘වෝ’ ග්‍රන්ථයේ සටහන් වේ. 1 year ago
සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායක ෂෙයික් නායිම් කසීම් මේ බව පැවැසූ අතර, හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලය සමඟ සටන් විරාමයකට යෑමට කැමත්ත පළ කළ පළමු අවස්ථාව මෙයයි. 1 year ago
දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය කියයි. 1 year ago
වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. 1 year ago
සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අත් අඩංගුවට ගෙන තිබේ . 1 year ago
තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 1 year ago
කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු බොරැල්ලේ දි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago