IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


දේශබන්දු කමිටුවේදී අද සිද්ධ වුණු දේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නීතිපති දෙපාර්තමේන්තු  නියෝජිතයින්  සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ  වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයට  ලබාදීම   දේශබන්දු තෙන්නකෝන් මහතාට  එරෙහි චෝදනා  විමර්ශන  කරන ත්‍රිපුද්ගල කමිටුවේ ඉදිරියේදී අද  (3)  සිදුවිය

මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන්  සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවඅද   (03) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශය  මෙසේ ලබාදෙනු ලැබීය

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් පෙන්වා දුන්නේ  වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතාගේ නිවසටම ගොස් පසුගිය සති අන්තයේ සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් 12ක් ලබා දුන් බවයි.

එසේම සාක්ෂිකරුවන් 10කගේ දිවුරුම් ප්‍රකාශ  කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයට ඊයේ  දිනයේදී   ලබාදුන් අතර ඉතිරි දිවුරුම් ප්‍රකාශ එළඹෙන කමිටු වාරයකදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෝ කමිටුවට දැන්වූහ

මේ අනුව වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය ඉල්ලා සිටියේ පෙර එකඟවූ පරිදි සියලු සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ  තම පාර්ශ්වයට   ලබා දෙන ලෙසයි. පසුව දෙපාර්ශ්වයේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව තවත් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ 6ක පිටපත් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබාදීම යෝග්‍ය බව කමිටුවේ මතය වූ අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ එකඟත්වය පළ විය.

එසේම දිවුරුම් ප්‍රකාශ 2 ක් දෙපාර්ශ්වයටම පහසු දිනයක සහ වෙලාවක පෞද්ගලිකව පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ කියවීමට කමිටුව අවසර දෙන ලදි. තවත් එක් සාක්ෂියක් ලෙස ලබා දී ඇති මාධ්‍ය සාකච්ඡාවක සංයුක්ත තැටියක් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබා දීමටද පරීක්ෂණ කමිටුව තීරණය කළ අතර නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයෝ   එය ලබා දීමට කටයුතු කළහ


මෙම සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය ඉදිරිපත් කිරීම 9 වැනිදා ප.ව. 2.00ට පරීක්ෂණ කමිටුව රැස්වී සිදු කිරීමට නියමිතය.



 

 

 



අදහස් (3)

දේශබන්දු කමිටුවේදී අද සිද්ධ වුණු දේ

maalaka Wednesday, 04 June 2025 09:34 AM

මෙය සෑම දෙයක් සඳහාම වටිනා මහජන මුදල් වැය වන බැවින්, සැවොම වගකීමෙන් සහ වගවීමෙන් කටයුතු කරන මෙන් ඉල්ලමි.

:       0       6

රුවන් Wednesday, 04 June 2025 09:49 AM

දේශබන්දු මහින්ද ජනපති වෙන්න කලින් ගම්පහ හිටිය අවංක දක්ෂ පොලිස් නිලධාරියෙක්. රූපවාහිනි ඇගිලි සලකුණු වැටසටහන බලපු අයත් දන්නවා. ඊට පස්සේ මෙයා දේශපාලන එක්ක වගේම පාතාලය එක්ක ඩීල් දාලා එකපාරට කෝටිපතියෙක් වුනා.

:       4       5

CHAMWednesday, 04 June 2025 10:54 AM

දේශබන්ධු ශ්‍රි ජයවර්ධන පුර උපාධි ලබා ගත්තෙකි. උගත් නිලධාරියෙක්. බොරු ප්‍රචාර වලට නොරැවටෙන්න

:       8       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 598 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2303 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site