
(අංජුල මහික වීරරත්න)
ඉංගිරිය කර්මාන්තපුරය ස්ථාපිත කිරීම සහ රයිගම මිල්ලනිය කර්මාන්ත පුරයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දිවයින පුරා මේ වන විට කර්මාන්තපුර 33 ක් ක්‍රියාත්මක වන අතර ඒ අතුරින් කර්මාන්තපුර 8 ක් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වෙමින් පවතී.
සෙසු පළාත් වලට සාපේක්ෂව බස්නාහිර පළාතේ පවත්නා සංවර්ධිත භෞතික යටිතල පහසුකම් හා මානව සම්පත් ඉලක්ක කර ගනිමින්, දේශීය හා විදේශීය කර්මාන්ත කරුවන් විසින් එම පළාතේ කර්මාන්ත ස්ථානගත කිරීම සඳහා ඉඩම් ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීම් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතී.
එම කරුණු සැලකිල්ලට ගනිමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
* රථවාහන හා ඊට අදාළ අමතර කොටස් නිෂ්පාදන කර්මාන්ත, රබර් හා රබර් ආශ්‍රිත කර්මාන්ත, ඖෂධ නිෂ්පාදන කර්මාන්ත හා මිශ්‍ර කර්මාන්ත ලෙස කර්මාන්ත කලාපයන් සහිතව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රජයට අයත් ' සෙන්ට් පීටර්ස් වත්ත ' ඉඩමෙන් වෙන් කර ගනු ලබන අක්කර 350ක භූමි භාගයක රුපියල් මිලියන 2,500ක ආයෝජනයක් සහිතව අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් නව කර්මාන්ත පුරයක් ස්ථාපිත කිරීම.
* රුපියල් මිලියන 500ක ආයෝජනයක් සහිතව රයිගම කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධි කලාපය පිහිටුවීම සඳහා ' නිව් වැටල්වත්ත ' ඉඩමෙන් වෙන් කරන ලද අක්කර 200ක භූමිභාගයෙන් අක්කර 24 ක රයිගම මිල්ලනිය කර්මාන්ත පුරයේ දෙවන අදියරෙහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීම.
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කරමාන්ත පුර දෙකකට කැබිනට් අනුමැතිය
Bandara Tuesday, 03 June 2025 07:07 PM
රනිල් කරපුවා දැන් මෙයාලගේ වගේ කරේ තියාගෙන යනව.