(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අරමුදලේ කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන වෛද්‍යාධාර අයඳුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ඒ සමඟම පරිගණක මූලික කරගත් නව මාර්ගත ක්‍රමවේද (Online System) පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අදාළ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා පුහුණු කිරීම අත්‍යවශ්‍ය වී තිබෙන බවද ජනපති කාර්යාලය පවසයි.
එහි එක් පියවරක් ලෙස උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම්වරු හා ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහනක් ලබන 21 දා කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම වැඩසටහන මඟින්, උතුරු පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කිරීම, ප්‍රතිලාභීන් වෙත ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීම, නවීකරණය වූ මාර්ගගත ක්‍රමවේද හදුන්වා දීම හා වඩාත් කඩිනම් සේවාවන් සැපයීම පිණිස අදාළ දැනුම හා පුහුණුව ලබා දීමට අපේක්ෂිතය.
කොළඹ කේන්ද්‍රීයව සීමිත පිරිසක් සඳහා ප්‍රතිලාභ ලබා දුන් ජනාධිපති අරමුදල රට පුරා වෙසෙන ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දෙන ජනතාවගේ අරමුදලක් ලෙස ක්‍රියාත්මක කිරීම වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලක මණ්ඩලයේ මූලික අරමුණක් වී ඇති අතර එම අරමුණ ඉටු කර ගැනීම සඳහා මෙවැනි පුහුණු වැඩසටහන් අනෙකුත් පළාත්වල ද ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජනාධිපති අරමුදල උතුරට
Kamal Koyrala Wednesday, 04 June 2025 10:56 AM
වෛද්‍ය ආධාර ලබා ගැනීමේ අරමුණින් අයදුම් කර ඇත්නම් වෛද්‍ය සේවය දියුණු කල යුතුයි
Kusal Wednesday, 04 June 2025 11:14 AM
රටටම පච බෙදලා එක පිරිසකට විතරක් පොරොන්දු ඉටු කරනවා වගේ
මාලිමාගැත්තා Wednesday, 04 June 2025 03:55 PM
කොළඹ ගාවට අපට ඇත්තේ යාපනය ඇතුළු උතුරුකරයේ නොහොත් කොට් නටන ප්‍රදේශ පමණි. රටේ වෙනත් නගර අපට නැත. කොටි හුරතල් කරනවා කියා කවුරු හෝ කීවොත් මාලිමා ගැත්තෙක් ලෙස මම ඔහුට හෝ ඇයට පරුෂ වචනයෙන් දෙසමි. කොටින්ට ආවඩා පසුව කොටි අරින්නට එන දවසක ඒ වෙනුවෙන් කැප වෙන්න මාලිමාගැත්තන් නැත. ඉන්නේ හෙළයන් පමණි...