
(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ නව සිසුවියක නවක වදය විඳදරා ගැනීමට නොහැකිව කාර්මික විද්‍යාලය අසල වැවකට පැන්න අවස්ථාවේ ඒ අවට සිටි පිරිසක් ඇය බේරාගෙන කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි. දැරියගේ තත්වය බරපතල නැතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
එම සිසුවියට නවකවදය දුන් බව කියන සිසුන් 3 ක් හා එක් සිසුවියක ඇගේ ප්‍රකාශයකට අනුව අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.
සැකකකාර සිසු සිසුවියන කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ යන් බව පොලිසිය කියයි.
කුලියාපිටිය කාර්මික විද්‍යාල ඉතිහාසයේ මෙවන් කෲරලෙස සිසුන්ට සැලකීමක් පිළිඳ වාරතා නොවූ බවත් ඊට සම්බන්ධ තවත් අය සිටීද යන්න පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කියයි.
දැරිය වැවට පැනීමට ප්‍රථම කාර්මික විද්‍යාලයේ ගුරුභවතකු සමගින් සාකච්ඡවකද නිරතවී ඇතැයි කාර්මික විද්‍යාල ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම කරා වගේ, රටට පේන්ට පොඩි සද්දයක් දාලා ඔය නවක වද කාරයෝ ටික එලියට දාන්ට. එතකොට ඔය වදේ දිගටම කරගෙන යන්ට පුළුවන්.
නූගත් පවුල්වල උන් මේ වගේ තැනකට ආවම ඕක තමයි වෙන්නේ. ලොකු කම් ඔලුවට ගහනවා. අලුතින් එන ලමයින්ට හිරිහැර කරනවා.
කරනවානම් හොදම වැඩේ තමයි නවක වදය දුන්නු ඔක්කොමලාගේ ශිෂ්‍යභාවය අහෝසි කර කිසිදාක සහතිකයක් නොදීමට කටයුතු කිරීමත් කලයුතුය .
දැන් විශ්ව විද්‍යාල ඇතුලේත් JVP / NPP බලයෙන් මත්වෙලා ඇති. ඒවාට ඒ මත වලට එකඟ නොවෙන අයට අධ්‍යාපනය තියා ජීවත්වෙන්නවත් බැරි තත්වයක් උද්ගතවෙලා ඇති
මොවුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනේ
නවක වදය දුන් සිසුවිය සහ සිසුන් තිදෙනාගේ පවුලේ අයගෙන් වාඩුව ගත්තොත් තමයි මෙවැනි දේවල් නවත්වන්න පුළුවන් හොඳම ක්‍රමය. අනුන්ව රිද්දවලා සතුටක් ලබන අය තමන්ගේ පවුල් අයව රිද්දවන්න කැමති නොවන බව හොඳටම ඔප්පු කරගන්න පුළුවන් සාධකය එයයි . වැඩිය ඕනෑ නැහැ, ඔවුන්ගේ ගෙදරට රෑට රෑට ගල් ගහන්න ඉබේටම නවක වදය නවතීවි . එහෙම නැත්නම් ඔවුන්ගේ පවුල් සාමාජිකයින් පාරේ යන විට ගල් ගහන්න, හූ තියන්න . සමාජය ඉදිරිපිට ලැජ්ජා කරන්න. නවක වාදය නවතීවි . බලගතුයි, අත්දුටුයි
මොවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කොට පුවත් පත් මඟින් ප්‍රසිද්ධියට පත් කරන්න මින් මතුවට රජයේ හෝ පුද්ගලික අංශයන් ඇතුලට නොගන්නා ආකාරයට
නවක වදය දෙන පිරිසට මානසික රෝහලක දින තුනක් නේවාසික ප්‍රතිකාර ලබාදී සුවය ලබා දෙන්න. එතකොට අලුත් අයටද ලෙඩ හැදෙන එකත් නතර වේවි.
මේ ආණ්ඩු යටතේ නවක වදය නතර කරන්න බැහැ පෙරටුගාමී , ජ වී පෙ දේශපාලනයේ මුදුන්මුල තිබෙන්න රජයේ විශ්ව විද්‍යාල තුල , විශ්ව විද්‍යාල තුලට එන ළමුන් ඔවුන්ගේ දේශපාලනයට අවනත කරගන්න යොදාගන්න මෙවලමක් නවක වදය , උඩින් බොරුවට විරුධත්වයක් පෑවාට ආණ්ඩුවේ ආශීර්වාදය තිබෙන බව දන්නා නිසා නවක වදය දෙන මුවාවෙන් කරන ස්ත්රිදුෂණ සහ වෙනත් මෙලෙච්ච ක්‍රියා දිගින් දිගටම සිදුවේවි , රුහුණු විශ්ව විද්‍යාලයේ නවක වදය තුරන් කරපු කුලපති තුමත් , අගමැතිනියගේ මැදිහත්වීමෙන් ඉවත් කරලා , සල්ලි තිබෙන මිනිස්සු 11 වසරෙන් පසු තමන්ගේ දරුවන්ට SLIT එක වැනි පුද්ගලික අද්යාපන ආයතන හරහා අධ්‍යාපනය ලබාදෙන අතර , දුප්පත් මිනිස්සුන්ගේ දරුවන් අසරණ වෙනවා ,
රජයට අවශ්‍යතාවයක් තිබෙනවා නම් පුළුවන් CID එක යොදවලා මේ නවක වදය දෙන පුද්ගලයින් කවුද කියලා හරියටම සොයාගෙන ඔවුන් නීතිය ඉදිරියට ගෙන එන්න. නමුත් මාලිමා රජයෙන් එවැනි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔවුන් නවක සිසුන් තම පක්ෂවලට නම්මවා ගන්නේ ඔය නවක වදය භාවිතා කරලා නිසා...
විශ්ව විද්‍යාලයීය ගුරුවරුන් කියලා නොදෙන පාඩමක් තමයි මේ ළමයි නවක සිසු සිසුවියන්ට කියලා දෙන්නේ . "දරා ගැනීමේ හැකියාව "වර්ධනය කිරීමයි මෙතැනදි කියලා දෙන්නේ ..ඉතිං ඒක හරියට ඉගෙන ගන්නේ නැතිව මේ සමාජයේ ජීවත් වීම ඉතා අමාරු වේ.
ඔය වගේ පහත් වැඩ කරන සිසූන් ගැන අහන්න ලැබෙන්නේ ලන්කාවේ තමා.. ලැජ්ජයි, හිරිකිතයි, නින්දිතයි...!