
(මනෝප්‍රිය ගුණසේකර)
තමන්ට එරෙහිව පනවා ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙස හෝ එසේ නැති නම් තමන්ට සමාව දී නිදහස් කිරීමට ජනාධිපතිවරයා සලකා බැලිය යුතු බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි නමැති පාසල් සිසුවිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරයේ රඳවා සිටින යුද හමුදා කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 5 දෙනකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද ඒකමතිකව ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ, අචල වෙංගප්පුලි සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලණි.
මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරයේ රඳවා සිටින යුද හමුදා කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පස්දෙනකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා , නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි නමැති පාසල් සිසුවිය දූෂණය කර මරා දැමීමේ චෝදනාවන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් 1998 වසරේදී තමන්ට මරණීය දණ්ඩනය නියම කළ බව පවසන පෙත්සම්කරුවෝ එම දඬුවම මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවත් තමන් දීර්ඝ කාලයක් බන්ධනාගාරගත වී සිටින බවත් කියා සිටිති.
තමන්ට නියම කර ඇති මරණීය දඬුවම වසර 20 ක සිර දඬුවම්ක් බවට පරිවර්තනය කොට දඬුවම් නියම වූ 1998 වසරේ සිට එය ක්‍රියාත්මක විය යුතු බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ එසේ නොකරන්නේ නම් තමන්ට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා සලකා බැලිය යුතු බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ව ජීවිතාන්ය දක්වා හිරේ නොවෙයි එල්ලුම් ගහටම යවන්න ඕනෑ. මටතියන කනගාටුව එහෙම කරන්න බැරි කමයි. අපරාදෙ ඒ අහින්සක දැරිවියගෙ ජීවිතේ.
දෝෂ සහිත හෝ ප්‍රමාද වූ යුක්තිය. අපි ජීවත් වන්නේ ආසියාවේ සහ අප්‍රිකාවේ ය.
මරණ දඬුවම ක්‍රියාත්මක කරලා දාන්න. එතකොට හරිනේ.
රට පුරා රාජපක්ෂ කෙනෙකුගේ නමක් නැති තැනක් තිබේද ?. මේ දූෂණයටත්, මිනී මැරුම්වලටත් එවැනි නමක් ගැවීලා... අනේ මන්දා , මෙහෙම ප්‍රසිද්ධ නමක් ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ
මේ වගේ උන් තමා කොටින් වර්දනයට උඩ ගෙඩි දුන්නේ.රණවිරුවන්ගේ ගරුත්වයට හානි කලේ.
මේ බිහිසුණු දුෂ්ටයන් ජීවිත කාලය පුරාම සිරගෙදර සිටිය යුතු අතර මේ ජීවිතයෙන් සමුගත් පසු ඔවුන් නිසැකවම නිරයේ ජීවත් විය යුතුය.
යහපත් කල් ක්‍රියාවෙන් ඉඳලා තිබුනානම් මෙහෙම හිර කූඩුවේ ලඟින්න වෙන්නේ නැහැනේ
අපරාධකාරයින්ද දැන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ විදිහ කියන්නේ . නිකන් කාකා ඇතුළේ තියාගෙන හුරතල් කරන්නේ නැතිව . අඩුම තරමින් මේ අයට වැය කරන මහජන මුදල් පියවා ගන්න විදියක් බලන්න
ජාති, ආගම්, කුළ, වගේම වෘත්තීය අදාල නෑ අවුරුදු 120ක් ද ඉන්නේ එතකන් හිරේ ඉන්න ඕනේ. මොකද තමන් සිහිය තියෙන කොට නේ ඔය අපරාධය කරේ? අපේ සහොදරියක්, මවක්, යෙහළියකට වුවද මෙසේ අපරාධයක් වුනා නම් අපිත් කියන්නේ ජීවිතාන්තය දක්වා සිරගෙට දාන්න කියලා මොකද එකේ දුක් විදින එක හොද දඩුවමක් මරණ දඩුවමට වඩා. අවුරුදු 12-13 කෙනෙක් නෙවෙයි කරලා තියෙන්නේ අවුරුදු 18ට වැඩි යමක් කමක් තෙරෙන වයසේ පාපතරයෙක්.
මරණිය දණ්ඩනය නොදී කොන්දේසි විරහිතව විදේශීය පිරිමි පිනවීමට මෙම පුද්ගලයන් යොදවා රටට ඩොලර් ගේන්න වැඩපිළිවෙලක් හදන්න ඕනේ.