දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂම ලෙස ඝාතනය කොට කෝටි සියයකට අධික දේපළ පවරා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවකු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහෙස්ත්‍රාත් මහේන්ද්‍ර රාජා මහතා අද(08) නියෝග කළේය. 1 year ago
විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් වීමට සිප් කිරි පෙවූ සියලුම ගුරුවරුන් වෙනුවෙන් නොමිලයේ වෛද්‍ය සායනයක් ධර්මාශෝක විදුහල් මුදලිදු එස්.තෝමස් ද සිල්වා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. 1 year ago
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 1 year ago
ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 1 year ago
ළිඳක තරුණයකුගේ සිරුරක් ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි. 1 year ago
උපුල් තරංගට විවෘත වරෙන්තුවක් හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා අද (08) වන දින නියෝග කළේය. 1 year ago
ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි . 1 year ago
’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොළගේ මහතා නිවේදනය කරයි. 1 year ago
පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත. 1 year ago
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. 1 year ago
ඓතිහාසික බුවනෙකබා රාජසභා මණ්ඩපය ප්‍රතිසංස්කරණයට අවසර මීට වසර හතරකට පෙර බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කඩා දැමුණු කුරුණෑගල ඓතිහාසික බුවනෙකබා රාජසභා මණ්ඩපය යලිත් එම ස්ථානයේ ප්‍රතිසංස්කරණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ. 1 year ago
හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (08) නියම කළේය. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago