IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ෆවුසිට එරෙහි පෙත්සමට දින දෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

ඒ.එච්.එම්.ෆවුසි මහතා ආපදා කළමනාකරණ ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එම අමාත්‍යාංශයට ලැබණු සුඛෝපභෝගී මෝටර් රථයක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් ඔහු ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ගොනු කර ඇති පෙත්සම නොවැම්බර් 04 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) තීරණය කළේය .

පෙත්සම සම්බන්ධයෙන් දැනුම් දෙමින් වගඋත්තරකාර පාර්ශ්වයට නොතීසිී යැවමටද පෙත්සම්කාර පාර්ශවයට නියෝග කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මියගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණ.

වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ඇමති ඒ.එච්.එම්. ෆවුසි, ඔහුගේ ලේකම්වරිය ලෙස කටයුතු කළ සිත්ති මරීනා මොහොමඩ් මහත්මිය ඇතුළු 08 දෙනෙකු නම්කර ඇත.

ඒ.එච්.එම්. ෆවුසි මහතා ආපදා කළමනාකරණ ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2010 වසරේ නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමණාකාර මධ්‍යස්ථානයේ පරිහරණය සඳහා සුඛෝපභෝගී ජීප් රථයක් පරිත්‍යාග කර තිබූ බවද වගඋත්තරකරු එම ජීප් රථය ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන තිබු බවද අමාත්‍යාංශයෙන් රුපියල් මිලියනයක් වැය කරමින් ජීප් රථය නඩත්තු කටයුතු කිරීමට ඔහු කටයුතු කර ඇති බවද පෙත්සමේ සඳහන් කර ඇත.

එම සිද්ධිය පාදක කර ගනිමින් ඇමතිවරයාට එරෙහිව කොළඹ මහාධිකරණයේ චෝදනා හතරක් යටතේ නඩුවක් ගොනු කෙරුණු අතර වගඋත්තරකාර හිටපු ඇමතිවරයා අදාළ චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණය එය වසර 10 ක කාලයකට අත්හිටුවීමට තීරණය කළ බවද සඳහන් කර ඇත.

අමාත්‍යාංශයේ පරිහරණයට ලැබුණු වාහනයක් සිය පෞද්ගලික පරිහරණයට යොදාගෙන අමාත්‍යංශේ මුදලින් වාහනය නඩතාතු කිරීම මගින් ඇමතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කඩකර ඇති බවද පෙන්වා දෙන පෙත්සම්කරු ඇමතිවරයෙකු ලෙස පත්වීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකින බවට වගඋත්තරකාර හිටපු ඇමතිවරයා දිව්රුමක් දී ඇතත් අදාළ වාහනය සිය පෞද්ගලික අවශ්‍යතා සඳහා යොදා ගැනීමෙන්  ඔහු එය කඩ කර ඇති බවත් පෙන්වා දී ඇත.

තම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද හිටයු අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ප්‍රකාශ කර සුදුසු වන්දියක් නියම කරන ලෙසද පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා සිටී.

පෙත්සම කැඳවු අවස්ථාවේදී වගඋත්තරකාර හිටපු ඇමැතිවරයා වෙනුවෙන් නීතීඥ නියෝජනයක් නොතිබූ හෙයින් වගඋත්තරකාර හිටපු ඇමැතිවරයාගේ නම විවෘත අධිකරණයේදී කතා කළත් ඔහු අධිකරණයේ පෙනී නොසිටි හෙයින් විනිසුරු මඩුල්ල නඩු ගොනුව පරීක්ෂා කළ විට වගඋත්තරකාර හිටපු ඇමතිවරයාට යවන ලද නොතීසි ලැබී නැති බව හෙළි වීය.

 ඒ අනුව යළිත් වරක් වගඋත්තරකාර ඒ.එච්.එම්. ෆවුසි මහතාට නොතීසි  යවන ලෙස නියම කෙරිණි.



අදහස් (0)

ෆවුසිට එරෙහි පෙත්සමට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18050 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10817 30

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 10504 11

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 442 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 127 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 806 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site