ඔන් මැක්ස් විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි නියෝග ජනතා මුදල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන තෙක් බලා නොසිට කඩිනමින් විමර්ශන අවසන් කර සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (23) රහස් පොලිසියට නියෝග කළේය. 1 year ago
සංචාරකයන්ගේ ආරක්ෂාවට කෙටි දුරකතන අංකයක් සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම සඳහා මූලික පියවරක් ලෙස අද සිට 1997 විශේෂ කෙටි දුරකතන අංකය හඳුන්වා දී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 1 year ago
ජේ ශ්‍රී රංගාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කිරීමට සිද්ධියට සම්බන්ධ යයි සැක කෙරෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා ට පූර්ව ඇපයක් නියම කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (23) ප්‍රතික්ෂේප කළේය. 1 year ago
ජොන්ස්ටන් ලබන 30 තෙක් රිමාන්ඩ් කොටස් එකලස් කළ වාහනයක් සන්තකයේ තබාගෙන පරිහරණය කරන ලදැයි කියන සිද්ධියකට අදාලව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනානාදු මහතා ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියම කළාය 1 year ago
ඊශ්‍රායල ජාතිකයන්ට එරටින් අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් තිබෙන බැවින් ඇතැම් සංචාරක ස්ථානවලින් වහාම ඉවත්වන්න යැයි ඊශ්‍රායල ජාතිකයන්ට එරට ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුම් දීමක් කර ඇත. 1 year ago
නෙරොච්චෝල බලාගාරයට උඩින් ඩ්‍රෝනයක් යවලා නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට කඩා වැටීමත් සමග ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙක් පැවසීය. 1 year ago
’’රජයේ වන ජීවී බංගලා හැදුණුම්කම්වලට දෙන්නෑ’’ රජයේ පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යය වරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට හා අමාත්‍යාංශ නිලධාරීන්ට සහන මිලට ලබා නොදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. 1 year ago
වෙළෙඳකලාපවලට ඡන්ද මධ්‍යස්ථාන ඉල්ලයි නිදහස් වෙළෙද කලාපවල සේවය කරන සේවිකාවන්ට ඡන්දය ප්‍රකාශ කිරිම සදහා තැපැල් ඡන්ද අවස්ථා හෝ ජංගම ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවන ලෙස මැතිවරණ කොමිසමට යෝජනා ඉදිරිපත් කළ බව මව්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානයේ ව්‍යාපෘති කළමනාකාරිනී ගයනි ගෝමස් මහත්මිය පැවැසුවාය. 1 year ago
සහල් වර්ග කිහිපයක හිඟයක් මහා පරිමාණයේ හාල් මෝල් හිමියන් කුමක් පැවසුවද නාඩු ඇතුළු සමහර හාල් වර්ගවල හිගයක් පවතින බව පිටකොටුවේ තොග සහල් වෙළෙන්දෝ ප්‍රකාශ කරති. 1 year ago
ගිනි අවි දෙකක් කොට්ටුකච්චියෙන් අල්ලයි බලපත්‍ර නොමැතිව දේශීය හා විදේශීය රටක ගිනි අවි දෙකක් ළඟ තබා ගෙන සිටි අයකු අත් අඩංගුවට ගත් බව පුත්තලම විශේෂ කාර්ය බළකා කදවුරු පවසයි. 1 year ago
කුඩු ගෙනා විදෙස් ජාතිකයෝ දහයක් දිවි ඇති තෙක් හිරගෙට මත්කුඩු කිලෝ 146ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමට සම්බන්ධ විදෙස් ජාතිකයන් 10 දෙනකුට මීගමුව මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම නියම කළේය. 1 year ago
නිල ඡන්ද පත්‍රිකා බෙදන්න වෙනම දින දෙකක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දින ලෙස ලබන 27 සහ නොවැම්බර් 3 සලකන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago