යුද හමුදා බාරයට ගත් LTTE යේ රත්රන් භාරදෙයි එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යුද හමුදා මූලස්ථානයේදී අද (2) බාර දෙනු ලැබීය. 02 May 2025
පිහි ඇනුමකින් අයෙක් මරුට මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 02 May 2025
ආරක්ෂාව ඉල්ලා දේශබන්දුගෙන් පොලිස්පතිට ලිපියක් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 02 May 2025
සබරගමු සිසුවාගේ මරණයට සිසුන් 15කගෙන් ප්‍රකාශ ගනී සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශ දීම සඳහා සරසවි සිසුන් 15 දෙනකු කැදවු බව සමනලවැව පොලිසිය පවසයි. 02 May 2025
ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 02 May 2025
’ටිකිරා’ ඝාතනයට අයෙක් මාට්ටු ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුවකු අද (2) අලුයම අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි. 02 May 2025
පාස්පෝට් නිකුත් කිරීම දින තුනක් සීමාකරයි පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම සීමා කරන බව දෙපාර්තමේන්තුව පවසයි. 02 May 2025
කොස්ගොඩ පොලිසිය ඇල්ලූ තරුණයා හදිසියේ මරුට මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අතර තුර මියගොස් ඇත. 02 May 2025
’’සංක්‍රමණ’’ ජාත්‍යන්තර සංවිධානයෙන් ලංකාවට අත-හිත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ (Ms, Kristin Parco ) මහත්මිය අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 02 May 2025
අපේ අයගේ සාත්තුවට ඊශ්‍රායලය වශී වෙයි ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය මාස හතරේ දී පමණක් 278 දෙනකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 02 May 2025
පානදුර නගර සභා අපේක්ෂකයා කුඩු සමග මාට්ටු පානදුර නගර සභාවට මෙවර තරඟ කරන අපේක්ෂකයකු රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි. 02 May 2025
යතුරු පැදිවලින් මහනුවර පාර වහලා මහනුවර නගරයේ කච්චේරිය ඉදිරිපිට හරස් වීදීය සහ පදිකවේදිකාව ද සම්පූර්ණයෙන්ම අවහිර වන ලෙස යතුරු පැදි නතර කිරීමෙන් පාදිකයන්ට මෙන්ම වාහන ගමනා ගමනයට මඟක් නැතැයි නගරවාසීහු පවසති. 02 May 2025
අහංගම දුම්රිය අනතුරකින් කතක් මරුට අහංගම, ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රිරෝද රියක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක මියගොස් ත්‍රිරෝද රථ රියැදුරා තුවාල ලබා ඇතැයි අහංගම පොලිසිය කියයි. 02 May 2025
කතරගම කාන්තා ඝාතනයට ප්‍රා.ස මුරකරු දැලේ අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවකගේ දෑත් කපා වෙන් කොට ඝාතනය කළ බව කියන කතරගම ප්‍රදේශීය සභා මුරකරුවකු අත්අඩංගුවට ගත්බව කතරගම පොලිසිය පවසයි. 02 May 2025
ඡන්ද සත්තෝසම් දෙන්න තිබු පැදුරු- ඇතිරිලි පොලිස් බාරයට මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයන්ට බෙදා දීම සඳහා මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පැදුරු සහ ඇඳ ඇතිරිලි තොගයක් සොයාගත් බව අඩම්පන් පොලිසිය පවසයි. 02 May 2025
මාමයි බෑනයි විදුලි සැරෙන් මරුට ඉච්චලන්පත්තුව සූර්නගර් ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි ඉච්චලන්පත්තුව පොලිසිය පවසයි. 02 May 2025
සොරකමේ ගිය හිටපු එස් ටී එෆ් එස් අයි මාට්ටු අහුංගල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 4 ක් වටිනා යතුරුපැදියක් සහ එම යතුරුපැදියේ තිබූ රුපියල් 10000 ක් මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු අහුන්ගල්ල පොලිසිය මගෙන් අත්අඩංගුවට ගනු ලැබීය. 02 May 2025
ඉන්දීය සිංදු පාකිස්තානයේ තහනම් දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී ඇති බැවින්, ඉන්දීය ගීත තම ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීම, පාකිස්තාක රජය තහනම් කර ඇත. 02 May 2025
අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කළේය. 02 May 2025
ලොව වයස්ගතම පුද්ගලයා සමුගනී ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මියයනවිට ඇගේ වයස අවුරුදු 116 ක් බව පැවැසෙයි. 02 May 2025
ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ධුරයේ වෙනසක් ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත. 02 May 2025
යතුරුපැදි අනතුරින් සිසුවා මරුට කුඩාවැල්ල - මාවැල්ල මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය . 02 May 2025
නාන්න ගිය දෙන්නෙක් දැදුරුඔයේ ගිලී අතුරුදන් විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු තරුණයින් දෙදෙනෙකු දියෙ ගිලි අතුරුදන් වී ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි. 02 May 2025
දේශබන්ධුට පාතාලයෙන් තර්ජන තනතුරේ රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය. 02 May 2025
අද කාලගුණය බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 May 2025
පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක් ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය බැංකුවක ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කර තිබූ රන් භාණ්ඩ යයි සැක කරන ආභරණ කිලෝ 01 ගෑම් 112 ක් වැඩිදුර විමර්ශන සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 01 May 2025
උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි. 01 May 2025
පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි ලීටර් තිස් තුන් දහස් හත්සියයක් පෙරීමේ උපකරණ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව රක්වාන කියයි. 01 May 2025
ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි 2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජා.ජ.බ මැයි රැලියේදී පැවසීය. 01 May 2025
‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘ වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය . 01 May 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026