අලුත් මනාලියත් බාප්පාත් දිය රකුසාට බිලි සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බාප්පා දියේ ගිලී මිය ගොස් ඇතැයි වනාතවිල්ලුව පොලීසිය කියයි. 04 May 2025
ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙන්නෙක් මාට්ටු මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහළොවක් සමඟ මනම්පිටිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි. 04 May 2025
මැතිවරණ නිහඩ කාලය ඇරඹේ පලාත් පාලන මැතිවරණයේ නිහඩ කාලසීමාව මේවනවිට ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 04 May 2025
තැනින් තැනට අදත් වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 May 2025
ඕස්ට්‍රේලියා මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජය ඕස්ට්‍රේලියා මැතිවරණයෙන්, වාමාංශික කම්කරු පක්ෂයට ජය හිමිවිය. ඒ අනුව, කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීස් තවදුරටත් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇත. 04 May 2025
කිඹුලන් පිරි වගුරකට වැටුණු පිරිස බේරා ගැනෙයි බොලිවියාවට අයත් ඇමසන් වනාන්තරයේ කිඹුලන් පිරි වගුරයකට කඩා වැටුණු කුඩා ගුවන් යානයක සිටි පස් දෙනකු පැය 36 කට පසු බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි. 04 May 2025
කෘත්‍රිම බුද්ධියෙන් ට්‍රම්ප්ට පාප් ධුරය: හතරවටින්ම දොස් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පාප්වරයකු ලෙස පෙනී සිටින, කෘත්‍රිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කළ ඡායාරූපයක් හේතුවෙන් මේ වනවිට ආන්දෝලනයක් නිර්මාණය වී ඇත. 04 May 2025
දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොලිසිය පවසයි. 03 May 2025
පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන් එම මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව කුරුඳු වත්ත පොලිසිය පවසයි. 03 May 2025
අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි 2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල් ලක්ෂ 6206 ක (කෝටි 62 ) මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වන්දි වශයෙන් ලබාගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අනාවරණය කළේය. 03 May 2025
ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන් පස් දෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි මනම්පිටිය පොලිසිය කියයි. 03 May 2025
ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළට ලද තොරතුරක් මත විශේෂ මෙහෙයුමක් කළ ද එවැනි සැකකරුවකු සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇත. 03 May 2025
ඩෑන් මරන්න ඔත්තු බැලූ අයත් අල්ලයි ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ඔත්තුකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 03 May 2025
සබරගමු නවක වද සිද්ධියේ පරීක්ෂණ සී.අයි.ඩීයට සබරගමු විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන්සමනල වැව පොලිසිය වෙත ලද පැමිණිල්ලට අදාළව වැඩ බලන පොලිස්පතිවරයාගේ නියෝග පරිදි ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 03 May 2025
ජ‘පුර සිසුවාට පහරදුන් සිසුන්ගේ පන්ති තහනම් කරයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ සිසුවකුට පහර දුන් සිසුන්ගේ පන්ති තහනම් කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්යෙෂ්ඊ මහාචාර්ය පද්මලාල් එම් මානගේ මහතා පවසයි. 03 May 2025
ජනපති වියට්නාමයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් 05/03 දින පස්වරුවේ පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය . 03 May 2025
ඩෑන් ඝාතනයේ සැකකරු රඳවා ගන්න අවසර ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි 03 May 2025
පුංචි ඡන්දෙ ගමන් බිමන් වලට ගිය සල්ලි ආණ්ඩුවට දෙනවා පළාත් පාලන ඡන්ද ප්රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය. 03 May 2025
පුංචි ඡන්දයේ මුල්ම ප්‍රතිඵලය රෑ 11ට පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය. 03 May 2025
හරක් කටාට දුරකථනයක් දුන් එස්.ටී.එෆ් කොස්තාපල් අත්අඩංගුවට ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තාට ජංගම දුරකථනයක් ලබාදීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගන් අත්අඩංගුවට ගෙන ඇත. 03 May 2025
පාලම් 97ක වැඩ කොටඋඩ ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 03 May 2025
’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’ මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය. 03 May 2025
පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින් කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේකම් සහ පාර්ලිමේන්තු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ලබාදෙන ඉන්ධන ප්‍රමාණ සැලකිය යුතු ලෙස සීමා කිරීමටත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව තීරණය කර ඇත 03 May 2025
අදත් තැනින් තැනට තද වැස්ස අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 May 2025
ඩෑන්ට වෙඩි තැබූ වෙඩික්කරු මාට්ටු වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි. 03 May 2025
දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ කොටුවේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 02 May 2025
එ’ජා වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා අනුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි. 02 May 2025
‘‘සරසවි සිසුවාගේ මරණය ගැන කඩිනමින් කරුණු සොයනවා‘‘ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන් නැතහොත් එයට වගකිව යුතු පුද්ගලයන් කවුද කියලා හදුනා ගැනිම සදහා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් දෙදෙකුගේ සහ ලේකනාධිවරයෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා යැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ශාන්ත මහතා අද (02) දා සවස පැවැසීය. 02 May 2025
නවක වධයට එරෙහි වූ ජපුර සරසවි සිසුවකුට පහරදීලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කල බව ඥාතීන් පවසයි. 02 May 2025
හසීනා බංග්ලාදේශයට එවන්න ඉන්දියාවේ ආරක්ෂාව ලැබ, එරට රැඳී සිටින, බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනා යළි ඉන්දියාවට පිටුවහල්කරනතුරු තමන් ඉන්දීය සංචාරයක් සඳහා සහභාගී නොවන්නේ යැයි බංග්ලාදේශයේ වත්මන් අග්‍රමාත්‍ය .. 17 August 2026