IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෝප් කමිටුව රියැලටි ෂෝ එකක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කෝප් කමිටුව රියැලටි ෂෝ එකක් පමණක් යැයි ද ඊට තීන්දු ගන්න බලයක් නැතැයි ද පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අවුරුදු අටක් තිස්සේ හරකෙක් ගේන්න ප්ලෑන් කරනවා.මේ පාරම්පරික ගතානුගතික පරණ ප්‍රසම්පාදන ක්‍රමවේදය ඉවත් කරන්න.එහෙම නැතිනම් හැමදාම විවාද කර කර ඉන්න වෙනවා.වැඩිපුරම මාධ්‍ය සංදර්ශන තියෙන්නේ කෝප් කමිටුවේ. ඉතිහාසයේ ඉඳන් එහෙමයි. රාජ්‍ය නිලධාරීන් ගේනවා. ප්‍රශ්න අහනවා.

නිලධාරීන් අපහසුතාවයට පත් කරනවා.දේශපාලකයන් කණ්ඩායමක් එකතු වෙලා දෙන්නම් වැඩේ කියලා නිලධාරීන්ගෙන් ප්‍රශ්න අහනවා.පරීක්ෂණයක් කරනවා නම් ඒ ආකාරයට පරීක්ෂණ කරන්න පරීක්ෂණ කරන මුවාවෙන් නිලධාරීන් අපහසුතාවයට පත් කරන්න එපා යැයි නාමල් රාජපක්ෂ මහතා කීය.



අදහස් (12)

කෝප් කමිටුව රියැලටි ෂෝ එකක්

රනේ Thursday, 19 June 2025 04:44 PM

ඔයා කී වෙනි වටයටද යන්න බලාපොරොත්තුව?

:       1       22

Siri Thursday, 19 June 2025 04:53 PM

ඒකට ඒ කාලේ .... නිකන් සුදුළූණු පොඩිකරන්නේ නැතුව යන්න.

:       4       33

Kamal Koyrala Thursday, 19 June 2025 05:01 PM

කෝ- ඔප් ඇති කළ ආණ්ඩු පෙරත් ඔහොම තමයි. දැන් නිලධාරීන් ගැන දුකයි නම් වැටුප් වැඩිවීම්, උසස්වීම් වගේම දූෂණ වලට හවුල් කර නොගත්තේ නම් සහ නූගත් පවුලේ අය ලවා දූෂණය කිරීමෙන් අද ඔවුන්ට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ කිඹුල් කඳුළු එපා.

:       2       26

ගමේ එකාලා Thursday, 19 June 2025 05:15 PM

අපි නම් රියැලටි ෂෝ දැක්කේ දූෂිතම පව්ල් පාලන ආණ්ඩුව බලයේ හිටපු කාලේ...

:       5       36

Achini Thursday, 19 June 2025 05:38 PM

ඔබලා හොරකම් කරපුවා එළියට පේනකොට දැන් රිදෙනවා නේද? මහ ලොකුවට කිව්වේ නම් අපි හොරකම් කළා නම් ඔප්පු කරන්න කියලා... දැන් ඔක්කොම එළියට එනකොට නිකන් හීන් දාඩිය දාගෙන අඬනවා.

:       5       37

prasanna Thursday, 19 June 2025 06:25 PM

ආණ්ඩුව පෙරළුණු දවසට ගිනි තියපුවා, හොරකම් කරපුවා, පාරවල් ගානේ ගහලා මිනී මරපුවා. හොර ගිවිසුම් ගහපුවා... රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ, කන්ටේනර් මගඩි ගැන නඩු අහන කොට ලස්සනට තියේවි...

:       31       14

පොඩිඑකාThursday, 19 June 2025 07:19 PM

අනේ අප්‍රසන්නයෝ, පෙරලෙන කන් ඉන්නේ මොකද, පුළුවනි නම් දැන්ම නඩු දාන්නකෝ අපිටත් බලන්න...

:       2       22

m. saman perera Thursday, 19 June 2025 07:04 PM

මෙයාලා දැන් හරිම සුද්දවන්තයෝ... අනේ පවු...!

:       0       15

Nandalal de Silva - France Thursday, 19 June 2025 08:31 PM

අවුරුදු අටකට ඉස්සර තිබුනේ කාගේ පාලනයද කියා මෙ මැදමූලනට අමතකද? ඒක වෙන්න බෑනේ. ඒ කාලෙ ගෙන්නපු හරක් නාම්බා තමා මේ විදියට තප්පුලන්නේ... කොප් කමිටුව කියන කොටස ඔය හොරුන්ට සුළුදිය පරවෙනවා. ඒ ගැන කතා කරන්න නීතිය පිළිබඳව දැනුමක් තිබිය යුතු නේද? මේ හොර පෙරකදෝරුවන් නාම්බා නීතිය ගැන දන්නේ මොනවාද?

:       1       21

Don Thursday, 19 June 2025 08:35 PM

වතුර රත්වෙන කන් නටමු. පස්සේ කෙඳිරි ගාන්න බෑ...

:       1       18

විපරමා Thursday, 19 June 2025 11:48 PM

තමුන්ගේ උන් ඇමතිකම් බෙදා හදාගෙන හොරකම්,වන්චා දූෂණ කෙරුවා . සුදුවෑන් ගාතන අතුරුදහන් කෙරෙව්වා ,චීචී කාරයා රොකට් යැව්වා .දළදා මාලිගාව ඉස්සරහ කාර් රේස් තිබ්බා ඒවනේ රියැලටි ෂෝ?

:       0       3

Perera Friday, 20 June 2025 11:36 AM

ඔව්, ඔව් ඔයාගේ දක්ෂතාවයට ගෝල්ඩන් බසාර් එක වැදිලා ඔයාට කෙළින්ම ඇතුළට යන්න පුළුවන් වෙයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 339 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site