
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
චිතුපට රූපගත කිරීමක් සඳහා මේ දිනවල ලංකාවට පැමිණි සිටින මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු මොහන්ලාල් විශ්වනාදන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවිය.
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතාගේ ආරාධනයකට අනුව පාර්ලිමේන්තුවට පැමිණි ජනප්‍රිය නළු මොහන්ලාල් මහතා ඇතුළු පිරිස කථානායක ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම නැරඹීමටද එක්විය.
සංචාරය අතරතුරදී ඔහු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහත්ම මහත්මීන් හමුවී සුහද පිළිසඳරකටද සහභාගී විය. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු මේ දවස්වල රඟපෑම ගැන වැඩිදුර හදාරනවා. විශේෂයෙන්ම කූජිත වුනාම හැසිරෙන එක ගැන, හිරේ යන්න ළං වුණාම අංග චලන, මූණේ ඉරියව් ගැන...
ඒ් ගොල්ලන්ට වැඩිය අපේ විපක්ෂය දක්ෂ බව දැනගෙන...
දැන්... කාලේ නෙවෙයි එන්න තිබුණේ... හොර රැල ඉන්න කාලේ හොඳ හොඳ සෙල්ලම් බලන්න තිබුණා. සුද්ද සින්හලෙන් දෙබස් පුටු උඩින් යන්නේ. මිරිස් කුඩු. පාවෙනවා. ඒ නරුමයින්. හිටියා නම් හොඳ චිත්‍රපටියක් හදන්න තිබුණා.. තව කීප දෙනෙක් ඉන්නවා. ගොබ්බයෝ දැන් වැඩිය දඟලන්නේ නැහැ. නැගිටලා එළියට යනවා. දඟලන්න ගියොත් හිරේ ගිහින් හොරා කාපුවා හොයන්න ගන්නා නිසා...
අලුතින් පාර්ලිමේන්තුවට ආපු බයියන් බලන්නද?
දිවේ ගෑවී නොගෑවී පච දෙසා බාන පචයින්ගේ සුපිරි වාද කොමඩි බලන්න ආවේ, එක රංගන පාසල්වලත් උගන්වන්න අමාරු දෙයක් නේ!
මෙයා ආවේ අපේ හිටපු ජනාධිපති රනිල්ගේ ආරාධනයකට අනුව. වැඩ වැඩි නිසා එන්න පරක්කු වෙලා තියෙන්නේ... දැන් මේකෙන් JVP එක ලකුණු දාගන්න හදනවා.