
(රෝෂන් තුෂාර)
ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගතවූ හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු තිදෙනාගේ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට සැකකාර පාර්ශවය අද කටයුතු කර ඇත.
රුපියල් කෝටි නවයකට අධික මුදලක් සහිත සැක කටයුතු බැංකු ගිණුම් 16 ක් පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විසුද්ධිකරණ පනත ප්‍රකාරව සැකකරුවන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද ඇප මත මුදාහැරිනි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය එක් සැකකරුවෙකුට රුපියල් 50000 බැගින් මුදල් සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුන බැගින් නියම කළාය.
ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවටද සියලු ඇප කොන්දේසි සපුරාලීමෙන් පසුව සැකකරුවන් මුදා හරින ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
කෙසේ වෙතත් ඊයේ පස්වරුව වන තෙක් සියලු ඇප කොන්දේසි සපුරා ගත නොහැකි වූ සැකකරුවන් බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළේය.
සැකකාර පාර්ශවය අද දින අධිකරණයට ඇප කොන්දේසී සපුරාලීම මේ වන විට සිදු කර ඇති අතර අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මුදා හැරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
339
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
211
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇප සම්පූර්ණ කළ කෙහෙළිය පවුල එළියට
ගමේ එකාලා Thursday, 19 June 2025 03:38 PM
බලයේ හිටපු කාලේ මහා පරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා හම්බ කරගත්තූ විදියට කොහොම ගෙවන්ඩ බැරිද? බාල බෙහෙත් දීලා අහින්සක ලෙඩ්ඩු බිල්ලට දීපු අයට සාප වෙනවා.