අධිවේගයේ ආදායම කෝටි 13 පනී අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අංශය) ආර්.ඒ.ඩි කහටපිටිය මහතා පවසයි. 14 April 2025
ජී.එස්පී ප්ලස් කණ්ඩායම මේ මස අග දිවයිනට ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 14 April 2025
රතිඤ්ඤා අනතුරුවලින් ගැලවෙන්න ඇස් රෝහලෙන් උපදෙස් රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති. 14 April 2025
හොර මත්ද්‍රව්‍ය ගැන කියන්න ක්ෂණික අංකයක් නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳව පැමිණිලි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව නව ක්ෂණික අංකයක් හඳුන්වාදී ඇත. 14 April 2025
නෑගම් යන්න අදත් කෝච්චි -බස් සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අදත් දුම්රිය සහ බස් රථ සේවා යෙදවීමට පියවර ගෙන ඇත. 14 April 2025
අධිවේගී මාර්ගවල රියදුරන්ට පණිවිඩයක් දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ගයන්හි රිය ධාවනයේදී වේග සීමා ගැන වඩාත් සැලකිලිමත් වන්නැයි අධිවේගී මාර්ග අධ්යක්ෂ සියලු රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි. 14 April 2025
කාන්තාවෝ 6 ක් උඩ යන්නයි හදන්නේ බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ, රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන් කාන්තාවෝ හය දෙනෙක්, අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානමින් සිටිති. 14 April 2025
දුක කඳුළ වෙනුවට සතුට සම්පත රජයන නව වසරක් උදා වේවා දුක කඳුළ වෙනුවට සතුට සම්පත රජයන අලුත් අවුරුද්දක් වේවායි රටේ සියලුම ජනතාවට ප්‍රාර්ථනා කරන බවවිපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. 14 April 2025
වැඩ ඇල්ලීමේ නැකත උදා වෙයි වැඩ ඇල්ලීමේ සහ ආහාර අනුභව කිරීමේ නැකත උදාවිය. පෙරවරු 06.44 ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි. 14 April 2025
ගිනි මෙලවීමේ නැකත උදා වෙයි අලුයම 04.04 ට ලිප් ගිනි මෙලවීමේ නැකත උදා විය. තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක්ද කිරි සහ විලඳ ද පිළියෙළ කර ගැනීම මැනවි. 14 April 2025
අලුත් අවුරුද්දේ එකම අරමුණකට පෙළ ගැසෙමු දේශපාලනික පරිවර්තනයක් සාක්ෂාත් කෙරෙන ජාතික වැඩපිළිවෙල සාර්ථක කර ගනිමින් රටත්, ජනතාවත් දිනවීම පිණිස එළැඹෙන අලුත් අවුරුද්දේ තවත් සවිමත්ව, සහෝදරත්වයෙන් එකම අරමුණකට පෙළගැසෙන්නට සියලු දෙනාට ඇරැයුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අලුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩයෙන් පවසයි. 14 April 2025
ජනතා සිහිනයට තවත් වීරියෙන් කැපවෙමු ජනතා සිහිනය යථාවක් කරගැනීමට නව වසරේ දී තව තවත් වීර්යෙන් යුතුව සද්-අධිෂ්ඨානයෙන් යුතුව කැප වෙමු යැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නව අවුරුදු සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. 14 April 2025
සුභ අලුත් අවුරුද්දක් වේවා ලක් වාසීන්ට මෙන්ම ලංකාදීප පාඨක ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවායි ලංකාදීප වෙබ් අඩවිය සුභ ප්‍රාර්ථනා කරන්නෙමු 14 April 2025
පුණ්‍ය කාලය උදා වෙයි පස්වරු 08.57 සිට හෙට පූර්වභාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන ඉරිදා අපරභාග 08.57 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසුයි. 13 April 2025
පාස්පෝට් සේවාව සීමිත වෙයි ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා දෛනිකව ලබා දෙන ටෝකන් ලබන 15, 16 සහ 17 යන දිනවල මධ්‍යාන 12.00 දක්වා පමණක් නිකුත් කරන බවත් එම දින තුනේදී පැය 24 සේවාව ක්‍රියාත්මක නොකරන බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය. 13 April 2025
ත්‍රස්ත පනත අහෝසියට කමිටුවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ නිර්දේශ ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යාංශය විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබීය. 13 April 2025
‘‘සෝලා නිසා අනුරට ගෙදර යන්න වෙයි ද? සිංහල අවුරුද්ද උදා වෙද්දි අවුරුදු තෑග්ගක් ලෙස ආණ්ඩුව සෝලා කර්මාන්තයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් ව්‍යවසායකයින්ට රුපියල් මිලියන පන්සිය පනහක් ද, රජයට මිලියන 1100 ක පාඩුවක් සිදුවී ඇතැයි ද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා අද 13 චෝදනා කළේය. 13 April 2025
යුක්රේන නගරයකට රුසියන් මිසයිල ප්‍රහාර යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පැවැසුවේ, එම මිසයිල ප්‍රහාරයෙන්, යුක්රේන වැසියන් 31 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය. 13 April 2025
ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් භාණ්ඩ කීපයක් නිදහස් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය, චීන භාණ්ඩ සඳහා පැනවූ සියයට 125 ක තීරුබදුවලින් භාණ්ඩ කීපයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 13 April 2025
මම අපේ සමහර මන්ත්‍රීවරුන් අඳුනන්නේ නෑ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලලිමේන්තු පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් තමා නොහඳුනන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය. 13 April 2025
මියන්මාරය යළි සෙලවෙයි මියන්මාරය යළිත් වරක් ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙසටය. 13 April 2025
මාස තුනට වෙඩිතැබීම් තිහක්:30ක් මරුට පසුගිය මාස තුනක කාලයේදී වෙඩි තැබීම් තිහක් සිදුවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 13 April 2025
සරසවි ඇඳුරන් 13 දෙනෙකුගෙන් කෝටි 9 ක පොල්ලක් ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ 2000වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවී ඇති නිලධාරීන් දහතුන් දෙනෙකුගෙන් බැඳුම්කර කඩවීම හේතුවෙන් අය කරගැනීමට තිබූ රුපියල් නව කෝටි විසි දෙලක්ෂයකට වැඩි මුදලක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 13 April 2025
අධිවේගයේ දින දෙකක ආදායම කෝටි 10ක් දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේග මාර්ගවලින් පසුගිය දින දෙකේදී (11සහ12) රුපියල් කෝටි 10 ඉක්මවූ ආදායමක් උපයාගෙන ඇතැයි අධිවේගී මාර්ග අධ්යක්ෂ පවසයි. 13 April 2025
අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නෑ අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නොලැබෙන බව පවර්ටි ඇනලිස් ආයතනයෙන් කරන ලද සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 13 April 2025
දළදා දැක්මේ ආරක්ෂාවට යුද හමුදාව දළදා දැක්මට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව යුද හමුදාවද යෙදවීමට තීරණය කර ඇත. 13 April 2025
අධිවේගයේ අනතුරින් හතරක් රෝහලේ සංචාරක මඟ පෙන්වන්නෙකු පැද වූ සුඛෝභෝගී මෝටර් රථයක් කිලෝමීටර් 31 දශම 1 දොඩංගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක ගැටීමෙන් එහි ගමන් ගත් කුඩා දැරියන් දෙදෙනකු ඇතුළු කාන්තාවන් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථ වාහනපොලිසිය කියයි. 13 April 2025
පුංචි ඡන්දෙන් පසු පළාත් ඡන්දය පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 13 April 2025
එක්ස්ප්‍රස් පර්ල් කුණු ඇද්ද කන්ටේනර් 40කට කෝටි දෙකක් වැඩිපුර ගෙවලා එක්ස්ප්‍රස් පර්ල් විදේශීය නෞකාවේ අනතුරින් පසු රැස් කෙරුණු අපද්‍රව්‍ය වත්තල තාවකාලික අංගනයේ සිට පමුණුගම ගබඩා අංගනයට ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් කන්ටේනර් හතළිහට රැඳවුම් ගාස්තු ලෙස කෝටි දෙකකට ආසන්න මුදල් වැඩිපුර ගෙවීමෙන් පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්වේ. 13 April 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026