පිය පුතු ඝාතනයට දෙදෙනෙකු අත්අඩංගුවට රාජාංගනය පොලිස් වසමේ යාය 17 පහළමාරගහවැව ප්‍රදේශයේ නිවසක සිටි පියකු සහ පුතෙකුගේ ගෙල කපා මනුෂ්‍ය ඝාතනයක් සිදු කල සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව රාජාංගනය පොලිසිය පවසයි. 16 April 2025
හිසතෙල් ගෑමේ නැකත අද සිංහල දෙමළ අළුත් අවුරුදු මංගල්‍යයට සමගාමී ව පවත්වන හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළඳා මාළිගා චතුරස්රයේ ශ්‍රී මහා නාථ දේවාල භුමියේ දී අද පෙරවරු 9.04 ට යෙදෙන සුබ නැකතින් සිදු කිරීමට නියමිතය. 16 April 2025
පළාත් කීපයකට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ,ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 April 2025
දියේ ගිලී දෙදෙනෙක් මරුට පානම මෝයකට අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. 16 April 2025
පේරු හිටපු ජනපති සහ බිරිඳ වසර 15 ක් හිරේ මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි. 16 April 2025
ගම්පහ නගරයේ වැරදුණු කුරුමානම ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි. 15 April 2025
සිරි දළදා වන්දනාවට ආ යුතු ප්‍රවේශ මාර්ග මෙන්න සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 15 April 2025
බන්ධනාගාර විශ්‍රාමික අධිකාරිගේ ඝාතකයා රටින් පනින් හදලා බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 15 April 2025
ඇමෙරිකාව හෙල්ලෙයි රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාකින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ඩියේගෝ නුවර සෙලවිණි. 15 April 2025
සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවයි සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය කළේය. 15 April 2025
අවුරුදු උත්සව විකෘති කරන සංවිධායකවරුන්ට වැඩ වරදි අවුරුදු සිරිත් විරිත් වලට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වලකින්නැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක මහතා අවුරුදු උත්සව සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරයි. 15 April 2025
’’නඩු තීන්දු අපිට දෙන්න’’ මැකොගෙන් ඉල්ලීමක් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරඟ කිරීම සඳහා බාර දෙන ලද නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත්නම් එම පෙත්සම් වල හා නඩු තීන්දු වල පිටපත් අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට බාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් ඉල්ලීමක් කරයි. 15 April 2025
කෞතුක වස්තු නඩත්තුවට දුන් මුදලින් පුටු මේස අරන් පුරාවිද්‍යාත්මක ස්ථානවල නඩත්තුව සඳහා 2023 වසරේදී මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් වෙන්කරනු ලැබූ ලක්ෂ හැට දෙකකට අධික මුදලින් ලක්ෂ 39ක් වැය කර කාර්යාල උපකරණ මිලදීගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 15 April 2025
සරසවි ඇදුරෙකුගෙන් කෝටියක පොල්ලක් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බැඳුම්කර කඩ කරන ලද ආචාර්යවරයෙකුගෙන් රුපියල් කෝටියකට වැඩි මුදලක් අයකරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි. 15 April 2025
අවුරුදු අනතුරු වලින් 80ක් රෝහලේ ගතවූ පැය 24ක කාලයේදී සිදුවූ විවිධ අනතුරුවලින් තුවාල ලැබූ අසූවකට වැඩි පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. 15 April 2025
කොළඹ එන්න ඇති පදම් බස් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පැමිණි දකුණු පළාතේ ජනතාවට ආපසු අගනගරය බලායාම සඳහා ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් අද (15) පෙරවරුවේ සිට පැවතියේය. 15 April 2025
ගමේ ගිය අයට කොළඹ එන්න අතිරේක බස් අවුරුදුට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා අද (15) සිට ලබන 21 දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අතිරේක බස්රථ ධාවනයට යොදවා ඇතැයි ශ්‍රී ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටි.එච්.ආර්.ටි. චන්ද්‍රසිරි මහතා පැවසීය. 15 April 2025
දුම්රිය ධාවනය හෙට සිට යථාතත්වයට අළුත් අවුරුදු නිවාඩුවෙන් පසු හෙට (16) සිට දුම්රිය ධාවනය යථාතත්වයට පත්වෙන බව ලොකෝමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය පවසයි. 15 April 2025
උප ජනපති පාපන්දු කුසලානය කඩලා ඇමෙරිකන් ජාතික පාපන්දු ශූරතාව දිනූ ඔහියෝ ජනපද පාපන්දු කණ්ඩායම ධවල මන්දිරයට ගෙන්වා ඔවුන් ඇගයීමට ලක් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේඩී වැන්ස් කටයුතු කළහ. 15 April 2025
ආයතන 18ක තැපැල් ඡන්දය පරක්කුයි කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 15 April 2025
පිල්ලෙයාන් එක්ක රනිල්ට කතා බෑ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවනු ලැබ සිටින නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරේ චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් සමග කතා කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. 15 April 2025
ප්‍රදේශ කීපයකට සවස තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 April 2025
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 15 April 2025
ත්‍රිරොද - වෑන් ගැටී දැරියක මරුට:හයක් රෝහලට පොලිස් සැරයන්වරයකු පදවාගෙන ගිය ත්‍රි රෝද රථයක් අනතුරට ලක්විමෙන් අවුරුදු 06ක් වයසැති ඔහුගේ දියණිය මියගොස් බිරිඳ ඇතුලු සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 15 April 2025
බලෙන් සිරකර ගත් දරුවා ජනෙලයෙන් පැනලා බලහත්කාරයෙන් දෙමහල් නිවසක් තුළ සිරකර ගෙන සිටි 12 හැවිරිදි දරුවකු එම කාමරයේ ජනේලයක් විවෘත කරගෙන බිමට පැනීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කෙසෙල් වත්ත පොලිසිය කියයි. 15 April 2025
උඩ ගිය කාන්තාවෝ ආපසු එති ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව මීට සුළු වේලාවකට පෙර යළි පෘථිවිය කරා පැමිණියේය. 15 April 2025
අග්බෝපුර අනතුරකින් අයෙක් මරුට: 26ක් රෝහලට මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් අයකු මිය ගොස් 26 දෙනකු තුවාල ලැබූ බව අග්බෝපුර පොලිසිය කියයි . 14 April 2025
ලංගමෙත් වාර්තා ගත ආදායමක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටි.එච්.ආර්.ටි.චන්ද්‍රසිරි මහතා පැවසීය. 14 April 2025
කෝටි හතරක කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සහ ඔවුන්ට ආධාර අනුබල දුන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි. 14 April 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026