තැනින් තැනට අදත් වැසි මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 April 2025
දෙවුන්දර ද්විත්ව ඝාතනයේ ගිනි අවියත් හමුවේ මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට යොදාගත් ටී පනස් හයේ ගිනි අවිය සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන්කරයි. 12 April 2025
හිසතෙල් ගාන මහෝත්සවය දළදා මාලිගාවේදී සිංහල දෙමළ අළුත් අවුරුදු මංගල්‍යයේ හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළඳා මාළිගා චතුරස්රයේ ශ්‍රී මහා නාථ දේවාල භුමියේ දී අප්‍රේල් මස 16 වැනි බදාදා පෙරවරු 9.04 ට යෙදෙන සුබ නැකතින් සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි. 12 April 2025
බක් පුර පසළොස්වක පොහොය අදයි. මෙම පොහොයේ සුවිශේෂ සිදුවීම් වනුයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමන නාගදීපයට සිදු කිරීම’, මණි අක්ඛිත රජතුමා විසින් බුදුරජාණන් වහන්සේට කැලණියට වැඩමවන මෙන් ආරාධනා කිරීම, මිණිපළඟ තැන්පත් කොට නාගදීප සෑය බැඳීම වේ. 12 April 2025
තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී අපේ තිදෙනකුට ලෝකඩ පදක්කම් තායිලන්තයේ පැවති 31 වැනි තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තරය සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිව් දෙනෙක් ලෝකඩ පදක්කම් දිනා අද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 11 April 2025
රට ගිය ඇත්තන් රවටන්න බොරු වීඩියෝවක් හදලා විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 10,000 ක මුදලක් ලබාදෙන බව පවසා බොරු ප්‍රචාරයක් යවා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 11 April 2025
ජනපතිට ජපානයෙන් ආරාධනයක් මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය. 11 April 2025
පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. යාපනය, කරෙයිනගර් ප්‍රදේශයේ අද (11) පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය. 11 April 2025
කෝටි 1700 කුඩු සමග ඇල්ලූ ධීවරයන් රිමාන්ඩ් රුපියල් කෝටි 1,700ක වටිනාකමකින් යුත් හෙරොයින් හා අයිස් සමග ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට පත් ධීවරයන් අටදෙනා ලබන 25 දින දක්වා රිමාන්ඩ් ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(11) නියෝග කළාය. 11 April 2025
කොමිසම එන්න කියන දවසේ රනිල් කොළඹ නෑ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලය තුළ බැවින් වික්‍රමසිංහ මහතා සහ නීතිඥයන් ඒ කාලයේ කොළඹ රැඳී නොසිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 11 April 2025
අවුරුදු කෑම මේසයේ වියදම සියයට 7කින් ඉහළ ගිහින් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සඳහා කැවිලි මේසයක් පිළියෙළ කිරීමට යන වියදම පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සියයට 7 කින් වැඩිවී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 11 April 2025
රනිල් අල්ලස් කොමිසමට කැඳවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ. 11 April 2025
කාඩ් පතින් අධිවේගයේ ගාස්තු ගෙවීම අරඹයි අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් මුදල් අය කිරීම වෙනුවට කාඩ් පත් මගින් ගාස්තු ගෙවිමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීම අද (11).කොට්ටාව අධිවේගී අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි. 11 April 2025
දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට සාමාජිකයන් හොයයි දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දින කිහිපය ඇතුළත පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 11 April 2025
ඡන්ද පත්‍රිකා කෝටියක් ලෑස්තියි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා කෝටියක් පමණ මුද්‍රණය කර අවසන් බව රජය මුද්‍රණාලය පවසයි. 11 April 2025
බටලන්දට ජනපතිගෙන් පරීක්ෂණ කමිටුවක් බටලන්ද චූදිතයන්ට නිත්‍යානුකූලව දඬුවම් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් ජනාධිපතිවරයා විසින් ළඟදීම පත් කෙරෙනු ඇතැයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 11 April 2025
තියුණු ආයුධයකින් පහර දී බිරිය මරලා අලුත්ගම දර්ගා නගරය කුරුඳුවත්ත සමගි මාවත ප්‍රදේශයේ අද(11) දහවල් සිය සැමියා විසින් බිරිඳගේ ගෙළට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි අලුත්ගම පොලිසිය කියයි. 11 April 2025
කෙහෙළිය සී අයි ඩි යට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (11) පැමිණියේය. 11 April 2025
රාජ්‍ය සේවයේ ’’මැද ලේයර් එක’’ හිස් රාජ්‍ය සේවයේ ’’මැද ලේයර් එක’’ හිස් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවසීය. 11 April 2025
රටපුරා හොරකමේ ගිය කල්ලියක් මාට්ටු වාහන යොදාගෙන දිවයින පුරා සංවිධානාත්මක ලෙස සොරකම් කිරීමේ නිරතවූ සිව්දෙනකුගෙන් යුත් සොර කල්ලියක් ලක්ෂ 60 භාණ්ඩ සමග අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි. 11 April 2025
නඩු කොපි ගන්න මැකො උසාවියට පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දී ඇති නඩු තීන්දු පුළුල්ව අධ්‍යයනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. 11 April 2025
මැතිසබා සේවකයෝ ජනපතිට දුක කියති සිය දීමනා කප්පාදු කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා සාධාරණ විසඳුමක් දෙන ලෙස පාර්ලිමේන්තු සේවකයෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් පසුගිය 8 වැනිදා ඉල්ලීමක් කළහ. 11 April 2025
රට පුරා ඔටිසම් දරුවෝ 9000ක් ලංකාවේ ඔටිසම් දරුවන් 9000කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇතැයි කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දී තොරතුරු අනාවරණය විය. 11 April 2025
පැය 6 කින් ත්‍රිමාණ දුම්රිය ස්ථානයක් හදලා ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය (3D-printing) භාවිතයට ගනිමින්, පැය 6 කට වඩා අඩු කාලයකදී, දුම්රිය ස්ථානයක් එකලැස් කර අවසන් කිරීමට ජපන් ඉන්ජිනේරුවෝ පිරිසක් සමත් වූහ. 11 April 2025
අග්නිදිග සරසවියටත් මැතිසබෙන් පාඩමක් ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරුන් ප්රමුඛ එම විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීහු කණ්ඩායමක් ඊයේ පාර්ලිමේන්තුව නැරඹූහ. 11 April 2025
බදු සංශෝධනයට කතානායක සහතිකය එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (11) සිය සහතිකය සටහන් කළේය. 11 April 2025
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට මේ වසරේදී නව ව්‍යාපෘති 34ක් “ක්ලීන් ශ්‍රි ලංකා” වැඩසටහන යටතේ මෙම වසරේදී නව ව්‍යාපෘති 34ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර ඉන් ව්‍යාපෘති රැසක කටයුතු මෙම අප්‍රේල් මාසය අවසන් වන විට ආරම්භ කිරීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 11 April 2025
කෝප් කමිටුව ගුවන්තොට වටලයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දූෂණා අක්‍රමිකතා සොයා බැලීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඇතුළු සාමාජික මන්ත්‍රීවරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසියේම පැමිණියහ. 11 April 2025
පළාත් කීපයකට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 April 2025
මිනුවන්ගොඩ අනතුරකින් දරුවෙක් මරුට මිනුවන්ගොඩ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගල්කන්ද පන්සල් හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් දරුවකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 11 April 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026