නලින්දත් ලක්ෂ 74ක් රජයට ඉතිරි කරයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය 29 April 2025
’’ජනාධිපති මට බැණ බැණ රට වටේ යනවා’’ ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය. 29 April 2025
කතරගම ඉඩම් වංචාවට ලංගම හිටපු උප සභාපති අත්අඩංගුවට කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (29) අත්අඩංගුවට ගනු ලැබීය. 29 April 2025
වැවිලි විෂයට නව නීති නවයක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව නව නීති හඳුන්වා දීම හා පවත්නා පනත් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 29 April 2025
පුංචි ඡන්දයේ ප්රචාරක වැඩ 3 වැනිදායින් අවසන් පළාත් පාලන මැතිවරණයේ ප්රචාරක කටයුතු ලබන 3 සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. 29 April 2025
විල්පත්තුව උද්‍යානයේ ගල් ඉබ්බන් ඇල්ලූ4ක් මාට්ටු විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ දමන ප්‍රදේශයෙ වගුරු බිමක දැඩි ආරක්ෂීත ගල් ඉබ්බන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීන් කියයි. 29 April 2025
කොළඹ පුර සබේට ස්වයංක්‍රීය ආදායම් උපයන පද්ධතියක් කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (KOICA) ආධාර යටතේ කොළඹ මහ නගර සභාව සඳහා පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් තනුමැතිය ලැබී ඇත. 29 April 2025
ලංකා සිසුන්ට සිංගප්පූරු උපාධි ගන්න ගිවිසුමක් උසස් අධ්‍යාපන සහයෝගීතාවන් උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 29 April 2025
ජනපති වියට්නාමයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 29 April 2025
පුනර්ජනනීය බල ශක්තියට තවත් දොරක් අරී භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත. 29 April 2025
රබර් පාලන පනත පාර්ලිමේන්තුවට රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 29 April 2025
බැංකු මූල්‍ය ප්‍රකාශ -මෙහෙයුම් වාර්තාව ජනපතිට ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේ දී අද (29) පිළිගන්වනු ලැබිණි. 29 April 2025
වියට්නාමය එක්ක අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 29 April 2025
රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේ තියන්න කැබිනට් අනුමැතිය ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළියේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 29 April 2025
රාජ්‍ය භාෂා කොමසාරිස් පත් කරයි රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 29 April 2025
දේශබන්දු කමිටුව වැඩ අරඹයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධූරයේ බලතල අනිසි අන්දමින් පාවිච්චි කරන ලදැයි ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පත් කිරීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව පොලිස් විමර්ශන කණ්ඩායමේද සහාය ඇතිව විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර ඇත. 29 April 2025
බලයේ සිටින කැනඩා අගමැතිට ජනවරමක් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එයින් බලයේ සිටින ලිබරල් පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය. 29 April 2025
බෙලිඅත්තේ අනතුරින් 14ක් රෝහලට බෙලිඅත්ත - දික්වැල්ල මාර්ගයේ කුඩාහීල්ල ප්‍රදේශයේදී අද පෙරවරුවේ බස්රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයින් 14 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි . 29 April 2025
ජන්ද කාඩ් ගෙන්ගෙට බෙදීමත් අවසන් පළාත් පාලන මැතිවරණයේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම අදින් (29) අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 29 April 2025
උඩරට මඟේ දුම්රිය ධාවනයට බාධා කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය අද (29) උදෑසන හාලිඇල බදුල්ල දුම්රිය ස්ථාන අතර දි පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලක මැදිරිය පවසයි . 29 April 2025
අද කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 April 2025
කුලියට මිනී මරණ හතරක් මාට්ටු මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාශය සමත්ව ඇත. 29 April 2025
සැමියාගෙන් පවුලට කඩු ප්‍රහාරයක් පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි. 29 April 2025
පානදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිරණ පොලිසිය පවසයි. 29 April 2025
කුඩු කිලෝ 494ක් විනාශ කරයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මිය ඉදිරියෙදී පුත්තලම සිමේන්ති සමාගමේ උඳුනේදී විනාශ කළේය. 28 April 2025
අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි 28 April 2025
රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක් බව සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රාහුමන් මහතා පැවසීය. 28 April 2025
අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍යංශයේදී අද (28) පැවැත්වීණි. 28 April 2025
කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක් කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපියල් මිලියන 400 ක් හෙවත් රුපියල් කෝටි 40 ක් පමණ කොන්ත්‍රාත්කරුවන්ට ප්‍රමාද ගාස්තු ලෙස ගෙවිමට සිදුව ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 28 April 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026