
(රූමේශ් එම් වීරසේකර සහ සරත් නිශ්ශංක)
ලෝක ළමා දිනය නිමිත්තෙන් පොලොන්නරුව හිඟුරක්ගොඩ බකමූණ කෝට්ටපිටිය කනිටු විදුහලේ ගුරුවරුන් එහි සිසුන්නට ලබා දුන් ආහර ලබාගත් සිසුන් 58 දෙනකු අසාත්මික තාවක් හේතුවෙන් බකමූණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
පසුව එම ආහාර වේල දහවල් සිසුන්ට ලබා දීමෙන් අනතුරුව පාසල නිම වී නිවෙස් වෙත ගිය පාසල් සිසුන් පිරිසකට වමනය සහ යම්කිසි බඩේ අසාත්මිකතාවක් ඇතිව තිබේ.
ඒත් සමඟම එක් එක් මව්පියන් තම දරුවන් බකමූණ ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ඒමත් සමඟ මේ වන විට පාසල් සිසුන් 58 කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දරුවන්ට කවන්න දෙන්න ඉස්සෙල්ලා මහ අය කාලා බලලා දරුවන්ට දෙන සිරිතක් අපේ රටේ කැද්ද දෙවියනේ...
පුනරුදයේ තරම, දරුවන්ට හරි හමන් කෑම වේලක් දීගන්න බැරි ආණ්ඩුවක් මේක.