IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මෝදරින් හමුවූ බෝම්බ 10යේ රස පරීක්ෂක වාර්තා කැඳවයි

(රෝෂන් තුෂාර)

මෝදර අලුත් මාවත ප්‍රදේශයේ නගර සභා වැඩ බිමක් අසල පාසල් බෑගයක තිබී අත්අඩංගුවට ගත්  අත්බෝම්බ 10 ය නිශ්ක්‍රීය කර   රජයේ රස පරීක්ෂක වාර්තා කැඳවීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා මෝදර පොලිසියට අද (01) නියෝග කළේය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක්  මගින් මෙම බෝම්බ තොගය අත් අඩංගුවට ගත් බවට බී වාර්තාවක් ගොනුකරමින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.

පොලිසියේ වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ  සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා සීසීටිවී දර්ශන ඔස්සේ විමර්ශන සිදු කරන බවය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා බෝම්බ නිස්ක්‍රීය කිරීමට අවසර ලබාදෙමින් රජයේ රසපරීක්ෂක වාර්තාවක් කැඳවීමටද නියෝග කළේය. 

විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද පොලිසියට නියෝග කළේය. 



අදහස් (0)

මෝදරින් හමුවූ බෝම්බ 10යේ රස පරීක්ෂක වාර්තා කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site