
(නයනජීව බන්ඩාර සහ කේශර ගුණතිලක)
ලෝක ළමා දිනය දා පාසල් සිසුවකුගෙන් පහරකෑමට ලක්වූ මොණරාගල නගරයේ ප්‍රධාන පාසලක ගුරුවරයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මොණරාගල පොලිසිය පවසයි.
සිසුවාගෙන් පහරකෑමට ලක්ව ඇත්තේ පාසලේ තාක්ෂණික විෂයක් උගන්වන ගුරුවරයකු බවට අනාවරණය වී තිබේ.
පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සැකකාර සිසුවා, පාසලට ස්මාට් දුරකථනයක් හා පවර් බැන්ක් එකක් රැගෙනවිත් ඇති අතර මෙම ගුරුවරයා මෙම සිසුවාගෙන් මේ ගැන විමසිමේදි සිසුවා මෙම පහරදීම සිදුකර ඇතැයි පාසලේ ගුරුවරයකු අප කළ විමසිමක දී පැවසීය.
සිද්ධියෙන් සුලු තුවාල ලැබු පාසල් ගුරුවරයා ප්‍රතිකාර සඳහා මොණරාගල මහ රෝහලට ඇතුලත් කර තිබේ.
සැකකාර සිසුවා මොණරාගල ප්‍රදේශයේ පදිංචි සිසුවකු බවට අනාවරණය වී ඇති අතර සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය නිවැරදිව අපක්ෂපාතීව හා තදින් ක්‍රියාත්මක කරන්න.
ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන්නේ නැතුව පිටරට පනත් එහමම ගේන එක වැරදියි .ගුරුවරුන්ට ඔහොම ගියොත් තව ටික කාලෙකින් ළමයින්ගෙන් දේවල් ඉගෙන ගන්න වෙන්නේ
ලෝක ළමා දිනය බරටම ජාත්‍යන්තර ප්‍රමිතියෙන්ම සමරලා තියෙන්නේ.