
(නයනජීව බන්ඩාර සහ කේශර ගුණතිලක)
ලෝක ළමා දිනය දා පාසල් සිසුවකුගෙන් පහරකෑමට ලක්වූ මොණරාගල නගරයේ ප්‍රධාන පාසලක ගුරුවරයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මොණරාගල පොලිසිය පවසයි.
සිසුවාගෙන් පහරකෑමට ලක්ව ඇත්තේ පාසලේ තාක්ෂණික විෂයක් උගන්වන ගුරුවරයකු බවට අනාවරණය වී තිබේ.
පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සැකකාර සිසුවා, පාසලට ස්මාට් දුරකථනයක් හා පවර් බැන්ක් එකක් රැගෙනවිත් ඇති අතර මෙම ගුරුවරයා මෙම සිසුවාගෙන් මේ ගැන විමසිමේදි සිසුවා මෙම පහරදීම සිදුකර ඇතැයි පාසලේ ගුරුවරයකු අප කළ විමසිමක දී පැවසීය.
සිද්ධියෙන් සුලු තුවාල ලැබු පාසල් ගුරුවරයා ප්‍රතිකාර සඳහා මොණරාගල මහ රෝහලට ඇතුලත් කර තිබේ.
සැකකාර සිසුවා මොණරාගල ප්‍රදේශයේ පදිංචි සිසුවකු බවට අනාවරණය වී ඇති අතර සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෝක ළමා දිනය දා ගෝලයාගෙන් ගුරාට පහරක්
Perakum Liyanagama Thursday, 02 October 2025 10:07 AM
නීතිය නිවැරදිව අපක්ෂපාතීව හා තදින් ක්‍රියාත්මක කරන්න.
Nimal Thursday, 02 October 2025 10:24 AM
ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන්නේ නැතුව පිටරට පනත් එහමම ගේන එක වැරදියි .ගුරුවරුන්ට ඔහොම ගියොත් තව ටික කාලෙකින් ළමයින්ගෙන් දේවල් ඉගෙන ගන්න වෙන්නේ
කව්ද බෝයි Thursday, 02 October 2025 12:14 PM
ලෝක ළමා දිනය බරටම ජාත්‍යන්තර ප්‍රමිතියෙන්ම සමරලා තියෙන්නේ.