
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අර්ථසාධක අරමුදලේ රීතිවලට පටහැනිව රුපියල් කෝටි හයකට වැඩි අධ්‍යාපන ණය සහ රුපියල් කෝටි 662 කට ආසන්න වටිනා දේපල ණය 2024 වර්ෂයේදී ලබාදී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව )තොරතුරු අනාවරණය විය.
නියමිත ක්‍රමවේදයෙන් බැහැරව අධ්‍යක්ෂ මණ්ඩලයේද කම්කරු කොමසාරිස්වරයාගේ සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේද අනුමතියකින් තොරව සහ 2003 අර්ථසාධක අරමුදල් රෙගුලාසිවල සංශෝධන ගැසට් නිවේදයකින් ප්‍රකාශයට පත් නොකර මෙම ණය ලබාදී තිබූ බව එම කමිටුව පවසයි.
වහාම මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝපා කමිටුව නිර්දේශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංවිම සමාගම්වලට කඩන්න විරුද්ධ ඔය ගසාකෑම සහ අධික දීමනා ගැනීම කරන්න බැරිවෙන නිසා නොවේද?
පට්ට හොරුනේ ඉන්නේ. ඕකුන්ගෙන්ම අය කර ගන්න ඕනේ
මේවා අද ඊයේ නොවෙයි... කලක හිටං අපට තිබිච්ච වරප්‍රසාද. නවත්තන්න හදන්න එපා. අපි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා...
ලංවිම අර්ථසාධක අරමුදල තියෙන්නේ ලංවිම භාරයේ. ඒකෙන් සේවකයන්ට ණය දුන්නම මොකක්ද කියන වරද? ඒකට රටේ පවතින පොලියක් අය කරනවා. බැංකු වලින් ණය ගත්තම පොලිය බැංකුවට. සේවකයින්ගේ මුදල් සේවකයින්ට ම දීල පොලිය කුක් අය කරනවානම් වැරැදි මොකක්ද ඒවා බැංකුවට නොදී අරමුදලට ම එකතු කරහම වැරදිද? සේවකයින් නොවන අයට දීල නැහැ. මේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ කුමක් හැගීන්මයි.