(සම්පත් ජයලාල්)
පැහැරගෙන යාම හා මිනිස් ජාවාරම යන චෝදනා යටතේ අත්අඩංගුවේ පසුවු තලවාකැලේ ළිඳුල නගරාධිපති අශෝක සේපාල මහතා ඇතුලූ සැකකරුවන් අට දෙනෙකු එක් අයෙකුට ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නුවරඑළිය මහේස්ත‍්‍රාත් ප‍්‍රමිත ජයසුන්දර මහතා නියෝග කරන ලදි.
ලිඳුල ප‍්‍රදේශයේ දැරියක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් නුවරඑළිය මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පසුගිය 04 වන දිනය.
සැකකරුවන් විදේශ ගත වලකාලමින්, විදේශ ගමන් බලපත‍්‍ර අධිකරණය ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.
මෙම නඩුව 2018 ජූලි මස 07 වෙනි දින නැවත කැඳවීමට නියමිතය
COMMENTS
පැහැරගෙනගොස් රඳවා තබා ගැනීම පුද්ගලයෙකුට බැන වැදීම තරම් බරපතල නැතුව ඇති, එකනේ ඇප ලැබිලා තියෙන්නේ...
බරපතල වැඩ ඇතිව හිරේ නොදැම්මේ දේශපාලකයෙක් නිසාද? ළමයින් පැහැරගෙන යාම සහ විකිණීම අපරාධ නඩුවකට හේතුවක්.
ළමයින් පැහැරගත් සහ විකුණූ අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය යුතු නගරාධිපති ජම්පරේ අන්දවා බරපතල වැඩ සහිතව හිරේ යැවිය යුතු වුණත් ඇප ලැබුවා. ගෝනවල සුනිල් නමැති පාතාල නායකයාට යූ.එන්.පී. ආණ්ඩුවකින් සමාව දුන්නා. නීතිය කාටත් එකයි.. කිව්වට සමහර ආගම්වල අයට කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගන්න ඉඩ දෙනවා. පාන් භාගයට, බියර් එකට ඇප දෙන අතිරේක මහේස්ත්‍රාත් කෙනෙක් ඉන්නවා. ගම්පහ දිස්ත්‍රික්කයේ උසාවියක. රන්ජන් රාමනායක මහත්මා නිවැරදියි. චූදිතයන් එකතුවෙලා පක්ෂග්‍රාහිව නඩු ඇසූ නඩුකාරයන් රස්සාවෙන් දොට්ට දැමූ අවස්ථා ඇමෙරිකාවේ මෑතකත් සිදු වුණා. ඒ වුණාට මේ "කෙසෙල්ගෙඩි ජනරජයේ" එහෙම කරන්න බැරි තරමට අවනීතිය රජ කරනවා.