(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
හොරු එළවන්න ආ මේ ආණ්ඩුවත් අද හොරු රකින බව කලුතර දිස්ත්‍රික් ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.
‘වංචා හා දූෂණයට එරෙහි සටනක් අද හොරු අතට පත්වෙලා’ යැයි ද ඔහු පැවසීය.
ජයතිස්ස මහතා මේ බව පැවසුවේ පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද පැවසීය.
‘මහ බැංකු හොරකම නිසා ආණ්ඩුවට අනෙකුත් අයට දඬුවම් දෙන්න බැරිවුණා. වංචා දූෂණ වැළැක්වීමේ ක්‍රියාදාමය අඩපණ වුණේ මේ නිසයි. ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ වංචනිකයන් ඇල්ලීමක් පසුගිය අවුරුදු කිහිපයේදී වුණේ නැහැ. හොරු නිදැල්ලේ ඉන්නේ පනත්වල අඩුපාඩුකම් නිසා නෙවෙයි. තෝරු මෝරුන්ගේ බලපෑම් නිසා අද දූෂණ විමර්ශන අඩපණ වෙනවා.’
COMMENTS
ලංකාවේ පත්වුණු ආණ්ඩුවක් ඊට පෙර තිබූ ආණ්ඩුවේ හොරු අැල්ලුවා නම්, හිරු බටහිරින් පායන්නට පටන් ගනී. ඒ අතින් ලංකාව ඉතාමත් අවාසනාවන්ත රටක්...
සහතික ඇත්ත මන්ත්‍රීතුමෝ... මට හිතාගන්න බැහැ ඇයි මේ අය මෙහෙම හොරු ආරක්ෂා කරන්නේ කියලා.
ආණ්ඩුව කියන්නේ එක ආයතනයක් නීතිය ක්‍රියාත්මක කරන්නේ තව තැනක... මේ දෙක තේරුම් ගන්න බැරි ජවිපෙ කොහොමද විපක්ෂයක ජොබ් එකවත් හරියට කරන්නේ.... මහත්තයෝ දැන් මිනිස්සු දියුණුයි බයිලා ගහල අන්දන්න බැහැ. ඔහෙලමයි රැවටෙන්නේ....
94 චන්ද්‍රිකා නෝනත් හොරු අල්ල්නවා කියාගෙන ආවේ. මේ අාණ්ඩුවත් එහෙමයි ආවේ. හොරු අල්ලනවා කෙසේ වෙතත් අාර්ථිකයත් ඝෘණ කරලා ගියේ. ඉතින් මේ අාණ්ඩුවත් ඒ පාරෙම වගේ යන්නේ. වෙනස් වුණොත් හොඳයි.... ඒත් එහෙම වෙන්න තියෙන ඉඩ නම් හීනයක්...
පරණ හොරු එලෙව්වනේ. දැන් ඉන්නේ අලුත් හොරු. අයෙත් පරණ හොරු ඇවිත් මේ හොරු එලවනවා. ඉර බහිනවා සඳ පායනවා වගේ තමයි. අයෙත් ඉර නගිනවා සඳ බහිනවා. කලබල වෙන්න එපා.
ඇයි රටේම මුදල් හොරකම් කරපුවා පස්සෙන් පන්නන්න පුළුවන්නේ... සහෝදරයින් ටික හැමදාමත් මේවා ගැන උද්ඝෝෂණ නොකරන්නේ ඇයි? අලුත් ඒවා මහමූදට පොල්ලෙල්ලක් දැම්මා වගේ... ඇයි රටක්ම හූරා කාපුවා පස්සේ පන්නන්නේ නැත්තේ...? මේකද දේශපාලනේ? ඒවා ආපසු ලබාගත්තොත් මහජනතාවට ලොකු සහනයක්නේ... ඔබලා බලය අල්ලනකොට මහජනතාව පස්යට. දැන් බල පෙරලියක් කරලා හැම දෙයක්ම යටගහන කුමන්ත්‍රණයක් තමයි තියෙන්නේ... හොර විෂය හදාරපු ගුරු ගෝලයෝ ටික එකතුවෙලා...