(මහින්ද නිශ්ශංක)

හෙරොයින්  ගුලි වශයෙන්  සකස් කොට  ඒවා ගිල දමා  මෙරටට  පැමිණිමේ දී පසුගිය 26 දා කටුනායක ගුවන් තොටුපොළේ දී  අත්අඩංගුවට  ගනු ලැබු පකිස්තාන ජාතිකයා  ගිල දමා තිබි පිටතට  ගන්නා ලද ගුලි 37 හෙරොයින්  ග්‍රෑම් 367 ක් තිබු බව පොලිස්  මත්ද්‍රව්‍ය කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටී. ලුඩුවයික් මහතා පවසයි.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 38 ක්  බවද පවසන ඔහු රඳවා ගැනීමේ නියෝග යටතේ  ලබන 4 වැනි දා දක්වා  රඳවා ගෙන වැඩිදුරටත්  ප්‍රශ්න කරන බවද කීය.