ටෝනි කරුණානායක
බහුදින යාත්‍රාවකින් ශ්‍රි ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ගොස් නීති විරෝධිව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රි ලංකිකයන් 8දෙනෙකු මෙරටට පිටුවහල් කර එවා තිබේ.
එවන ලද ශ්‍රි ලංකිකයන් ගුවන් තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන අද (25) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
සැකකරුවන් 8 දෙනාගෙන් එක් අයෙකුව රුපියල් දස දහසක මුදල් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙසට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් සරල කරුණාරත්න මහතා නියම කළේය.
එම සැකකරුවන් 8 දෙනාට විදේශ ගමන් තහනම් කෙරුණ අතර නැවත සැප්තැම්බර් 11 වැනිදාට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියම කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd