(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
රුහුණු විශ්ව විද්‍යාලයේ පළමු වසරේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි 26 හැවිරිදි නවක හිමි නමකට එහි භික්ෂු නේවාසිකාගාරය තුළදී සිවුර ගලවා නිරුවත් කොට අමානුෂික ලෙස නවක වධය ලබා දීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේ ඡ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන් 5 නමක් ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (19) නියෝග කළාය.
එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ එම විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන මාතර සියඹලාගොඩ ධම්මික, හික්කඩුවේ ඇටම්පිටියේ ධම්මරක්ඛිත , බඩල්කුඹුරේ ලුණුගල ජනපදයේ පඤ්ඤාසාර , බණ්ඩාරවෙල හටන්ගල අමිත හා බලංගොඩ දෙනගම සෝභිත යන හිමිවරුන්ය.
වැඩි ආරක්ෂාව වෙනුවෙන් නවක සිසුන් පිළිගැනීමේ කාල සීමාව පසුකොට අදාල හිමිනම ඉකුත් 09 වැනිදා රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයට ඇතුළත්වී තිබෙන බවද එදින රාත්‍රීයේදී මෙම නවක වධ සිද්ධියට භාජනය වී තිබෙන බවද පොලීසිය පැවසීය.
භික්ෂු නේවාසිකාගාරයේ නාන කාමරය තුලදී සැකකාර හිමිවරුන් පැමිණිලිකාර හිමියන් නිරුවත් කොට නවක වධය ලබා දී තිබෙන බව පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
කෙසේ වෙතත් පැමිණිලිකාර හිමියන්ට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා පොලීසිය මාතර මහ රෝහල වෙත ඇතුලත්වන ලෙසට උපදෙස් ලබා දී තිබුණද උන්වහන්සේ නැවත සරසවි අධ්‍යාපනයට නොයන බව පවසා වැඩවසන විහාරස්ථානය වෙත නික්ම ගොස් තිබේ.
මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය මේ පිලිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භික්ෂුන්ට ඉගෙනීම් කටයුතු කිරීමට කැප ස්ථානය තමයි පිරිවෙන. නායක හාමුදුරුවරු දැන්වත් මේවාට තදින් පියවර ගත යුතයි
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද බණ දහමට කරපු විශාල නිග්‍රහයක් ඔය කරලා තියෙන්නෙ .
මතු බුදු වන රේරුකානේ චන්දවිමල ශාතෘ වරයාණන් වහන්සේ කතාවක කියල තිබුන විද්‍යෝදය (ජපුර ) , විද්‍යාලංකාර (කැලණිය ) විශ්වවිද්‍යාල පිහිටවීමේ ප්‍රදාන පරමාර්ථය වුයේ ධර්ම ධර විනය ධර භික්ෂුන් වහනේසේලා බිහිකිරීමටය.අද මොකද වෙලා තියෙන්නේ විශ්ව විද්‍යාල කලාට පස්සේ මේ චීවර ධාරියෝ සතුන් මුර්ගයන් වගේ හැසිරෙනවා.
මම.කැළනිය සරසවියෙ ඉද්දි ජ්‍යෙෂ්ඨ භික්ෂූන් දුන් නවක වදය නිසා සුව කළ නොහැකි ස්නායු ආබාධයකට ලක්වුනා. මට එතකොට වයස 22යි. මෙහි සඳහන් කළ නොහැකි අන්දමේ අපචාරවලටත් මාව ලක් කළා.
සදාචාර, අති පූජනීය, සුද්දවත් මෙය බෞද්ධ රටකි. කෝ එහෙම කියන අය? මෙහෙම කියාගන්න රටේම මිනිස්සු විකාරෙන් වගේ... මම බැන්නේ බුදු හාමුදුරුවන්ට නොවේ අපේ සිංහල මිනිසුන්ටයි. යුරෝපයට එන්න කවදාවත් කියන්නේ නැහැ. මේක කතෝලික කියා අපි හැමෝම මිනිස්සු කියලයි කියන්නේ.... එ්කයි වෙනස..