ඉන්දිකා රාමනායක
 
ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව   හෙට  (19) පෙරවරුවේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 50 දෙනෙකුට  විශ්ෂිඨ සේවා විභූෂණ  පදක්කම්  ජනාධිපතිවරයා අතින් පිරිනැමීමට නියමිතව තිබේ.

 
මෙම උත්සවය හෙට  පෙරවරු 9.00 ට ජනාධිපති ලේකම් කාර්යලයේ දී පැවැත්වේ.
 
මෙම පදක්කම්  යුද හමුදාවේ  25 දෙනෙක්ට , නාවික හමුදාවේ  23 දෙනෙක්ට සහ ගුවන් හමුදාවේ දෙදෙනෙක්ට හිමි වන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා කීය.
 
පදක්කම් ලබන නිලධාරීන් අතර ත්‍රිවිද හමුදාපතිවරුන් ද සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. මෙම පිරිස අතරට  විශ්‍රාමික  ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද වෙති.