අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පොරොන්දු වු පරිදි නොපැමිණීම නිසා ඇඹිලිපිටිය හීන් දලූක්හින්න නාග විහාරස්ථානයේ සංවිධානය කර තිබූ බුද්ධ ප‍්‍රතිමා නිරාවරණය කිරීමේ උත්සව සංවිධායකයන් දෙදෙනකු ඒ අසල තිබූ කොහොඹ ගසක නැග විරෝධය පෑමත් සමඟ ඇතිවූ නොසන්සුන්තාව නිසා උත්සවය කල් දමනු ලැබීය.
ආරාධනා මත පැමිණ සිටි හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා ද පසුව හිස් අතින්ම ආපසු ගියේය. සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න සහ ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ යන මහත්වරු තමන්ගේ මුදලින් ඉදිරි දිනයක උත්සවයක් පවත්වා මහින්ද රාජපක්‍ෂ මහතා ගෙන්වාදීමට ද පොරොන්දු විය.
දඹදිවින් වැඩම කළ ශ‍්‍රී මහා බෝධි අංකුරයක් මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ද, අනුරාධපුර ශ‍්‍රී මහා බෝධි අංකුරයක් චමල් රාජපක්‍ෂ මහතා අතින් ද මෙහිදී රෝපණය කිරිමට නියමිතව තිබුණ ද ඒවා ද අවලංගු කෙරිණි.
මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් පෙර දිනයේ පැමිණ උත්සවයේ ආරක්‍ෂක කටයුතු වලට උපදෙස් ද දුන්හ. මහජනයා පරීක්‍ෂා කිරිමට අවශ්‍ය ස්ථාන වැටවල් ආදිය නිමවුණේ පැමිණ සිටි එම ආරක්‍ෂක ප‍්‍රධානීන්ගේ උපදෙස් මතය.
එහෙත් ඊයේ (28) අලූයම 02.30ට පමණ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂකයින් පිටව ගියේ පාන්දර 06.30 වනවිට නැවත පැමිණෙන බව දන්වමිනි. නමුත් ඔවුහු නොපැමිණියහ.
උත්සවය වෙලාවේ චමල් රාජපක්‍ෂ මහතා පමණක් පැමිණියේය. කොන්දේ අමාරුවක් නිසා මහින්ද රාජපක්‍ෂ මහතා නොඑන බව සැල කෙරුණි. සංවිධායකයන් අතර කුකුසුව වර්ධනය විය.
මහින්ද රාජපක්‍ෂ මහතා නොඑන්නේ නම් බුද්ධ ප‍්‍රතිමාව නිරාවරණයත්, ශ‍්‍රී මහා බෝධි අංකුර රෝපණයත් විහාරාධිපති පිටිගල චන්දවිමල හිමියන් කළ යුතු යැයි කලබල අස්සේ එතැන තිබූ කොහොඹ ගසකට නැගී සංවිධායක මණ්ඩලයේ ඩබ්. අජිත් කුමාර සහ එස්.පී.චානක රොෂාන් කියන්නට වූහ.
මහින්ද රාජපක්‍ෂ මහතා නොපැමිණියේ කොන්දේ අමාරුවක් නිසා නොව දේශපාලන කුමන්ත‍්‍රණයක් නිසා යැයි සංවිධායකන් හිටපු රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනී රෝහණ කොඩිතුවක්කු මහතාට චෝදනා කරන්නට විය. ඔහුට දුරකතනයෙන් කතා කරන්නට ගත් උත්සාහය ද ව්‍යාර්ථ විය. කලබලකාරිත්වය එන්න එන්නම වැඩිය.
එවිටම සනී රෝහණ කොඩිතුවක්කු මහතා උත්සව භූමියට පැමිණියේය. ඔහුට එල්ල කළ චෝදනා ප‍්‍රතික්‍ෂේප කළේය. තමන් පැමිණියේ තමන්ට ද ආරාධනා කළ නිසා යැයි ඔහු කීවේ ය. අවසානයේ දී උත්සවය අවලංගු කරන්නට සංවිධායකයෝ තීරණය කළහ.
වෙනත් දිනයක පවත්වමු යැයි කංචන ජයරත්න සහ සුරන්ත වීරසිංහ යන මහත්වරු කළ යෝජනාව ගැන සංවිධායකයන් කීවේ නැවත උත්සවයකට වියදම් කරන්නට තමන් සතුව මුදල් නැති බවයි. ඒ සඳහා වැයවන මුදල දෙන්නට කංචන ජයරත්න සහ සුරන්ත වීරසිංහ යන මහත්වරු පොරොන්දු විය.
ඒ අනුව උත්සවය අවලංගු කර ආරාධිත අමුත්තෝ හිස් අතින් ම ආපසු ගියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරියට පොඩි එකාට අසනීප නිසා උපන්දින පාටිය කල් දැම්මා වගේ වැඩක්... ඇයි මේ පළාතේ වෙන වැදගත් කෙනෙක් නැද්ද මේ කටයුතු කරන්න? හොඳ වෙලාවට පන්සලේ වස් ආරාධනා පිංකම නෙමෙයි. නැතිනම් දේශපාලකයන්ට හරිය යන දවස එනකන් මේ කාලයේ වස් වසන කටයුතුත් කල් දමාවි.
ගාල්ලේ පන්සලක රුපියල් පහළොස් ලක්ෂයක් වියදම් කරලා එක්තරා බෞද්ධ මැතිණියක් මහමෙව්නාවේ සමාධි පිළිම වහන්සේ හා සමාන ප්‍රතිමාවක් නිර්මාණය කරවල පන්සලට පූජා කළා. එතුමිය දායක සභාවෙන් ඉල්ලලා තිබුණා තමන්ටත් වඩා පිංඇති කෙනෙකුට කියල විවෘත කරන්න කියලා. අන්තිමේදී ඒ පූණ්‍යකර්මය කළේ පිළිම වහන්සේ නිර්මාණය කළ ප්‍රතිමා ශිල්පියා. මේවා ඉතා යහපත් ආදර්ශ...
මේ මොන මානසිකත්වයක්ද? බුදුන් වහන්සේ දෙවැනි තැනට දාන්න තරම් මේ මිනිස්සු දේශපාලන අන්ධ භක්තිකයින් වෙලා ඉන්නේ මොන හේතුවකටද කියන එ්ක තමා දැන් පරික්ෂා කර බලන්න වෙන්නේ... බුදුරජාණන් වහන්සේගේ දේශනා හා කිසිසේත් නොගැලපෙන108ක් ඖෂධ පූජාව, හාරදහසේ පහන් පිංකම, කංචුක පූජාව, මහා පිච්ච මල් පූජාව, රෝස මල් පූජාව, චෛත්‍යයන් වටා පලතුරු පූජා, සඳුන් කුරු දසලක්‍ෂයේ පූජා, අටපිරිකර ආදිය තබමින් කෙරෙන පූජා සමඟ දැන් දේශපාලඥයින් මුල් තැනෙහි තබා පුද පූජා පැවැත්වීමද ආරම්භව ඇති බවත් පන්සල හරහා දේශපාලනය කරමින් අහිංසක බෞද්ධයින් මුලාකිරීමේ ප්‍රතිවිපාක මේ තුළින් පැහැදිලි වෙනබවත් බෞද්ධයින් වටහාගෙන ක්‍රියා කළොත් යෙහෙකි...
පොරොන්දු ඉටු කරන විදිය පෙනෙනවා නේද? බලයට ආපුවම කොහොම වෙයිද? හැම කෙනාටම ඕනේ මේ කෙනා...
අන්න අන්න තව ගැහිල්ලකට පොට පාදා ගත්තා. දෙවැනි දවසේ උත්සවය සඳහා මුදල් වියදම් කරන්න ප්‍රාදේශීය සභාපතිවරු දෙන්නෙක්? තමන්ගේ පෞද්ගලික මුදල්ද? නැතිනම් බදු මුදල්ද?
මහින්ද ජිවත් වෙන්නේ වශී ගුරුකම් බලයෙන්... කවුරු කිව්වත් යන්නේ නැහැ.
නියමයි ඔහොම යං....
ඕක අපේ මිනිස්සුන්ගේ තිබෙන වහල් මානසිකත්වයයි.
මේක පිංකමක්ද, දේශපාලන රැස්වීමක්ද? අනේ ඇත්තට අපේ හාමුදුරුවරුන්ටත් වැඩක් කරගන්න බැරි හැටි...
කතාවෙලා කරපු වැඩක් බව හොඳටම වැටහෙනවා
ලංකාවේ විවෘත කරන්නෝ ආරාධිත අමුත්තෝ ඔක්කොම දුෂණ මංකොල්ල කාරයෝ ..
මහින්ද වෙනුවෙන් බුදුහාමුදුරුවන්ටත් ගල් ගහයි.
මෙතන නැති හොඳම කොටස තියෙන්නෙ වීඩියෝ එකේ.. චමල් , මහින්දට එයාගෙ ෆෝන් එකෙන් කතාකරල , ඒක සංවිධායකට දෙනව. සංවිධායක හැමෝටම ඇහෙන්න කියනව,, මහින්ද " එක එකාට ඕන විදියට වැඩ කරන්න බෑ" කියල කිව්ව කියල. ඉතින් උත්සවය එතැනින් ඉවරයි.
මේ විහාරස්ථාන වල පින් කම් වලට හොර දේශපාලකයෝ කැදවීම තහනම් කරන්න මේ රටේ සංඝ සභාවකට බැරිද? ඇවිල්ල කියන්නෙම රට ගිනිතියන කතාවක්. මෙහෙම රටක වහල් ආකල්පයන් වෙනස් කරන තුරු දියුණු වෙන්නේ නැහැ. හොදම දේ කියන්නේ එදා වෙලා කන්න තියෙන සල්ලි එකතු කරලලු මේ උත්සවය සංවිධාන කරේ. අනේ නුඹලට හොදම තැන ගස් උඩ තමයි.
බුදු දහමට නිගා කරන්න... කාබාසිනියා කරන්න තමයි හදන්නේ...
දැං ඉන්න හරක් කෙලින පිස්සු වලට අපේ මිනිස්සු තව තවත් මේ මනුස්සයටම ඇදිල යනවා. මං ඒක හරිය කියන්නේ නෑ. නමුත් මුන් ඔක්කොම අන්තිමට එකයි.