(සුමතිපාල දීයගහගේ සහ ජේ කේ එල් චාමින්ද)
හික්කඩුව තැපැල් කාර්යාලය අසලදී අද (23) සවස 2.50 ට පමන වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයකර ඇතැයි හික්කඩුව පොලිසිය පැවසීය.
මෙම වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ 46 හැවිරිදි ධීවර කාර්මිකයෙකි. මොහු හික්කඩුව බද්දේගම මහා මාර්ගයේ යමින් සිටින විට හික්කඩුව තැපැල් කාර්යාලය අසලදී පයින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබිම සිදු කොට පලා ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරනයවී ඇත.
වෙඩි වැදුන පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුලුකර ඇතත් මිය ගොස් ඇති බව වාර්තාවේ. හික්කඩුව පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.
(ඡායාරූපය දිපාල් ද සිල්වා)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවෘත්ති සේරම, අපරාද, අනතුරු, මැරිලා, ගිලිලා හැරෙන්නට සතුටුදායක දෙයක් නැහැනේ...