බිඟුන් මේනක ගමගේ
සිංහරාජයේ වෙසෙන අලි දෙදෙනා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට පිටුවහල් නොකර ඔවුන්ගේ ද ගම්වාසීන්ගේ ද ජීවිත සුරක්ෂිත කිරීමට යාන්ත්‍රණයක් සකසන්නැයි ඉල්ලමින් රක්වාන රඹුක මංසන්ධියේ අද (17) දවල් තමන් පැවැත්වූ සාමකාමී විරෝධතාවයකට මැර කණ්ඩායමක් පැමිණ තර්ජනය කර එය කඩාකප්පල් කිරීමට උත්සාහ කළේ යැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය චෝදනා කරයි.
මෙම විරෝධතාව කඩාකප්පල් කිරීමට දැව ජාවාරම්කරුවන් හා කසිප්පු ජාවාරම්කරුවන් යොදා කලවාන ප්‍රදේශයේ දේශපාලකයකු විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබුණේ යැයි ද ආරම්භයේ පටන්ම පොතුපිටිය හා රක්වාන පොලිස් ස්ථානවලින් ප්‍රදේශවාසී සංවිධායකයන්ට විවිධ බලපෑම් එල්ල වී යැයි ද එම සංවිධානයේ කැඳවුම්කරු වෑකඳවල රාහුල හිමියෝ පැවැසූහ.
වනජීවී අමාත්‍යංශය කළ යුත්තේ මිත්‍රශීලී ලෙස මෙම ගැටලුවට පිළිතුරු සෙවීම මිස ප්‍රශ්න යටගැසීම නොවන්නේ යැයි ද උන්වහන්සේ අවධාරණය කළහ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රක්වාන පොලිසියෙන් කළ විමසීමේදී වචන හුවමාරුවක් වූ නමුත් ගැටුම්කාරී තත්ත්වයක් එහිදී ඇති නොවූයේ යැයි එහි ස්ථානාධිපතිවරයා පැවැසුවේය.



COMMENTS
මේක තනිකර බොරුවක් ...මම ඔය විඩියෝ එක දැක්කා. ඔය අහිංසක මිනිස්සු ජාවාරම් කාරයෝ කියලා හඳුන්වන පරසරවේදීන් යැයි කියා ගන්නා අයගේ මානසිකත්වය කොහොමද කියලා හිතාගන්න පුළුවන්...ඔය කෙනෙක්ගේ පියා අලියා ගහලා මැරුවා මේ වෙනකොට මිනිස්සු 18 ක් මරලා ... මේවට ක්‍රියා මාර්ග ගන්න හදන කොට මේ ඊනියා පරිසරවේදින් කලබල වෙන්නේ ...තුවාලේ තියන මිනිහා තමා තුවාලේ වේදනාව දන්නේ..
මේක පට්ටපල් බොරුවක්. මේ ගමේ මිනුස්සු අලියට ආදරෙයි එකයි අලියා මෙච්චර කල් ජීවත්වෙන්නේ. මේ ඉල්ලන්නේ තවත් ඉවසන්න බැරුව මේකට විසදුමක්. බොරු උද්ගොස්න කරන පරිසර සංවිධාන වලට මේ මේක තේරෙන්න හවස 6.00 පස්සේ රක්වානේ ඉඳන් රම්බුකට ඇවිල්ලා බලන්න කියන්න.