ජුඩ් සමන්ත සහ ඔගස්ටින් ප‍්‍රනාන්දු
හලාවත - ඉරණවිල පාසල් සිසුවකු අපයෝජනය කළැයි අත්අඩංගුවට ගත් සැකකරු අද හලාවත මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ නිල මැදිරියේදී පාපොච්චාරණය කළේය.
52 හැවිරිදි දෙදරු පියකු වන සැකකරු ලබන පස් වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට මීට පෙර ඉදිරිපත් කිරීමට නියමිතව සිටියත් සාක්කිකරුවන් නොමැතිවීම නිසා පෙරට්ටුව අද දක්වා කල් තබා තිබිණි. අද දිනයේදී සාක්කිකරුවන් තිදෙනාගෙන් එක් අයකු පැමිණ නොසිටීමෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුව ලබන පස් වැනිදාට කල් ගියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කිරීමට අවශ්‍ය බව සැකකරු මීට පෙර අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණු අතර ඒ අනුව අද මහේස්ත්‍රාත් නිල මැදිරියේදී එම ප්‍රකාශය ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd