
( රොමේෂ් මධුෂංඛ)
කොරෝනා අවදානම හේතුවෙන් නිවෙස්හි ස්වයං නිරෝධායනය වන පිරිස් වලට ඡන්දය ප්‍රකාශ කෙරෙන දින සවස 4-5 ත් අතර කාලයේදී ඡන්දය ප්‍රකාශ කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.
පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභාපති වරයා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද කීවේය.
‘‘අපි ඡන්ද විමසීම අගෝස්තු 05 වැනිදා පැවත්වීමට උපරිම උත්සහ දරනවා. කල් දැමීමක් ගැන සාකච්ඡාවක්වත් එහෙම හිතලවත් නැහැ. මොකද අපට තවදුරටත් මේක ඇදගෙන යන්න අමාරුයි. ඒ වගේම මූලික කරුණ නම් ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නනම් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි.
ඒ නිසා දේශපාලඥයින්ගෙන් වගේම ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට කටයුතු කරන්න කියලා. ඒ වගේම සෞඛ්‍ය උපදෙස් මාලාව ප්‍රසිද්ධ කරන්න කියලා අපි දැඩි ලෙස කියා සිටිනවා.මොකද අපිට ඒක නැතිවුනොත් ඡන්දය කරගෙන යන්න අපහසුයි.
මේ අතර උතුරේ ආරක්ෂක අංශ මුරපොළවල් වැඩි කර ඇති බවට මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දුන් සභාපතිවරයා මෙසේ කීවේය.
‘‘අපිට කොහෙවත් චෙක්කරන්න එපා කියල කියන්න බැහැ. උතුරේ යාපනයේ වැඩිපුර සිදු වෙනවා කියල කියනවා. ඒක බලන්නත් එක්ක තමයි මමත් සමන් රත්නායක මහත්තයත් එක්ක ආවේ. අපි ගිහිල්ල මේ ගැන වාර්තාවක් හදලා ආරක්ෂක අමාත්‍යංශයට ඔක්කටම යවනවා. ජනතාවට සාමකාමීව බියකින් තොරව ඡන්දය දීමට අවස්ථාව උදාකර දෙන්න කියලා.
උතුරේ අපේක්ෂකයෙක් විසින් හොර ඡන්ද 75 ක් දැම්ම කියලා ප්‍රසිද්දියේ පවසා තිබීම සමබන්ධයෙන් ගන්නා පියවර සම්බන්ධයෙන් විමසීමේදී සභාපතිවරයා පවසා සිටියේ,
‘අද අපිට ඒ පැමිණිල්ල ලැබුනා හෙට අපි මේ ගැන කොමිසමේදී සාකච්ඡා කරනවා. නමුත් ගැටළුව තමයි මේ සිද්ධිය අවුරුදු 16 කට වඩා පරණයි යනුවෙනි.
COMMENTS
සර්, මම ඉන්නේ පිටරට... මට ඡන්දෙ ප්‍රකාශ කරන්න ලංකාවට එන්න ඕනේ. ගුවන් තොටුපළ වහගෙන ඔබතුමා ඡන්දය තැබීමෙන් වෙන්නේ අපේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වගේම මිනිස් අයිතියත් උල්ලංඝනය කිරීම නේද?
ඔවුන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ කුසට අහරක්...