(ප්‍රින්ස් රත්නායක)
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක ගැටළු විසදීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් අද (16) කැඳවු සාකච්ඡාව අසාර්ථක වු බව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා පවසයි.
අනධ්‍යයන සේවකයින් සේවයට වාර්තා කිරීමෙන් පසු අගමැතිවරයාගේ මැදිහත්වීමෙන් ප්‍රතිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හා මුදල් අමාත්‍යංශය සමග ඒකාබද්ධ වෘත්තිය සමිති කමිටුව එක්ව මේ සඳහා විසඳුමක් ලබා ගැනීමට සාකච්ඡාවක් සිදු කරන බවට එහිදී ඔවුන්ට පවසා ඇති අතර වෘත්තිය සමිති ඊට එකඟතාව පළ කර නොමැත.
වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹ දින 17 කට පසුව ලබාදුන් එකම සාකච්ඡාව අද (16) පෙරවරුවේදී මුදල් අමාත්‍යංශයේදී පැවැති අතර එය අග්‍රාමාත්‍ය ලේකම්වරයකු වු දඩල්ලගේ මහතාගේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ කම්කරු සබඳතා සහකාර ලේකම්වරයා ගේ මැදිහත්වීමෙන් කම්කරු සබඳතා සහකාර ලේකම්වරුන්ගේ සංසදයේ මැදිහත්වීමෙන් පැවැත්විණී. සිය ගැටළු වලට නිසි විසඳුමක් නොමැති නිසා ඔවුන් වර්ජනය දිගටම පැවැත්වීමට තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරසවි ගැටළු විසඳීමේ සාකච්ඡා අසාර්ථකයි - වෘත්තිය ක්‍රියා මාර්ග දිගටම
arnold Friday, 16 March 2018 09:39 AM
වැඩ කරත්, වර්ජනය කරත් පඩි හම්බ වෙනවනේ. ඉතින් දිගටම වර්ජනය කරගෙන යන්න. රටේ සල්ලි කාබාසිනියා කරනවලු. බීරි අලි අහුම්කන් දෙන්නෙත් නැති එකේ වර්ජනය තමයි ලාබම එක...
Thaaththala Friday, 16 March 2018 11:05 AM
මේ අහින්සක ළමයින්ගෙ කාලය කන්න එපා. දෙනවනම් දෙන්න නැත්නම් අස්කරන්න!
Janaki Friday, 16 March 2018 11:49 AM
ඔවුන් අසන්නේ පර්යේෂණ සඳහා දීමනාව ගෙවන ලෙසටයි. ඔවුන්ගේ නව සොයාගැනීම් සහ යෝජනා සඳහා සිදුවන ගෙවීම් පිළිබඳ මට නම් තේරුම් ගන්න අමාරුයි. කාර්යාල සේවකයින්ට සහ පියන්ලාටත් එලෙසම ගෙවිය යුතුයි.
අකිලFriday, 16 March 2018 03:03 PM
ඉල්ලීම් අධ්‍යයනය කරන්න.. අප සඳහන් කරන කරුණු වෙන යමක් වුණත්...
chanduli dulvan Friday, 16 March 2018 01:36 PM
යහපාලන ආණ්ඩුවෙන් මොන ගැටළුවටද විසඳුමක් දීලා තිබෙන්නේ?
Romesh Jayamanna Friday, 16 March 2018 01:37 PM
දැනුම් දීමෙන් පසු මෙම සේවක සේවිකාවන් ඉවත් කරන්න. ඔවුන් නෙරපා හැරිය නොහැකි අතර ඔවුහු යූජීසී සමඟ සෙල්ලම් කරති.
අකිලFriday, 16 March 2018 03:05 PM
සෙල්ලම් කරන්නේ කවරහුදැයි අධ්‍යයනය කරන්න.
sas Friday, 16 March 2018 05:44 PM
වැඩ කරලා හරි නොකරා හරි පඩි ලැබෙනවානේ. මේ ඔක්කොම අයින් කරලා අලුත් අය අරගෙන වැඩ පටන් ගත යුතුය .