(පුෂ්පකුමාර ජයරත්න)

කුලියාපිටිය පාසල්වල උසස් පෙළ සිසුන් උපකාරක පන්ති සඳහා යන බව කියමින් දෙමාපියන් විසින් දෙන ලද මුදල් වැයකර කුලියාපිටිය බෝහිංගමුව ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයකට යන බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක මහතා අද(16) වයඹ පළාත් සභා රැස්වීමේ දී ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ වයඹ පළාත් මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා කළ පැමිණිල්ලකින් පසු මහ ඇමැතිවරයා මේ බව කීවේය.
තම දරුවන් ටියෂුන් පන්තියට යනවා වෙනුවට සම්භාහන මධ්‍යස්ථානයට ගොස් සම්භාහනය ලබාගන්නා බවට දෙමාපියන් පිරිසක් තමන් හමුවී පැමිණිලි කළ බවද එම සම්භාහන මධ්‍යස්ථානයේ සිටියදී දරුවන් ඔවුන්ගේ අතටම අසුවී ඇති බවද සමන්ප්‍රිය හේරත් මහතා සභාවට දන්වා සිටියේය.