සාරාංශය
|
රොබට් මුගාබේ ගැන
|
16:36 බීබීසි ඇසුරෙනි
සානු-පීඑෆ් පක්ෂයේ බ්‍රිතාන්‍ය නියෝජිත නික් මංවානා පැවසුවේ ප්‍රථම ආර්යා ග්‍රේස් මුගාබේ මහත්මිය සිම්බාබ්වේ හී නැති බවයි.මිට පෙරද විපක්ෂ මන්ත්‍රීවරයකු පැවසුවේ ඇය නැමීබියාවට පළා ගොස් ඇති බවයි.
කෙසේ නමුත් මංවානා පැවසුවේ සානු-පීඑෆ් දේශපාලන කොන්දේසි අනුව මුගාබේ මහත්මිය දැන් නොවැදගත් චරිතයක් බවයි.ඇය පක්ෂයේ කනිෂ්ට සාමාජිකාවක බවත් ඇයට පක්ෂය තුළ බලය ලැබී තිබුණේ ජනාධිපතිවරයාගේ බිරිඳ නිසා බවත් මංවානා පැවසීය.
දකුණු අප්‍රිකා ජනපති ජැකොබ් සුමා මහතා සිම්බාබ්වේ ආරක්ෂක බලකාය සමග සම්බන්ධ වෙමින් සිටින බවත් දෙපාර්ශවය සමගම සාකච්ඡා කිරීමට කණ්ඩායමක් යැවීමට සූදානම් වෙමින් සිටින බවත් දකුණු අප්‍රිකානු ජනාධිපති කාර්යාලය කියයි.
|
බීබීසී ඇසුරෙනි
ජනපති ආර්යා ග්‍රේස් මුගාබේ මහත්මිය නැමීබියාවට පළා ගොස් ඇතැයි විපක්ෂ මන්ත්‍රී එඩී ක්‍රොස් මහතා පවසයි.
ඇයට රටින් පිටවිමට හමුදාව පෙරදින රාත්‍රියේ ඉඩ ලබා දී ඇතැයි තමන්ට දැනගන්නට ඇති බව ඒ මහතා කියයි.
කෙසේ වෙතත් මෙම කිසිදු ප්‍රකාශයක් හමුදාව නිල වශයෙන් තහවුර කර නැත.
මේජර් ජනරාල් සිබුසිසෝ මොයෝ මහතා මීට පෙර නිල ප්‍රකාශයක් කරමින් පවසා තිබුණේ ජනපතිවරයා සහ ඔහුගේ පවුල ආරක්ෂිතව සිටින බවත් ඔවුන්ගේ ආරක්ෂාව ගැන සහතික වන බවත් ය.ජනපති පවුල හරාරේ පිහිටි ඔවුන්ගේ නිවසේ රඳවා සිටින බවට වාර්තා පළවිය.
15:57 බීබීසී ඇසුරෙනි
පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගයක් වන ‘නෙල්සන් මැන්ඩෙලා මාවත‘ හමුදාව විසින් අවහිර කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
එමෙන්ම ජනපති නිල කාර්යාලය අසල ප්‍රධාන මාර්ගයක් වන ‘සමෝරා මිචෙල් ‘ මාර්ගයේ වාහන ගමනාගමනය ද නවතා තිබේ.
![]() |
15.26 බීබීසී ඇසුරෙනි
මෙම හමුදා ක්‍රියාදාමය පිටුපස හිටපු උප ජනපති එමර්සන් මහතා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එඩී ක්‍රොස් මහතා පවසයි.
15:14 බීබීසී ඇසුරෙනි
සානු පීඑෆ් පක්ෂයේ බ්‍රිතාන්‍ය නියෝජිත නික් මංවානා පැවසුවේ තවමත් සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේ මහතා බවයි.ඔහුගෙන් පසු බලයට පැමිණ යුත්තේ කවුදැයි යන්න මත බෙදී තිබූ පක්ෂය මෙම හමුදා ක්‍රියාව නිසා ප්‍රතිනිර්මාණය වූ බව ද පැවසීය.
ජනාධිපති රොබට් මුගාබේ මහතාගේ රුව සහිත රථයක් තරුණයකු විසින් සෝදනු ලබන අයුරු |
15:12 බීබීසී ඇසුරෙනි
සිම්බාබවේ තුළ හමුදා කුමන්ත්‍රණයක් නැතැයි එරට රාජ්‍ය පුවත්පතක් වන හෙරල්ඩ් පුවත්පතේ වෙබ් අඩවියේ සඳහන් වෙයි.
14:53 බීබීසී ඇසුරෙනි
තම අසල්වැසි රටක් වන සිම්බාබ්වේ තුළ සිදුවන සියල්ල තමන් මහත් සැලකිල්ලකින් යුතුව බලා සිටින බව දකුණු අප්‍රිකානු ජනාධිපති ජැකොබ් සූමා මහතා පවසයි.
හරාරේ නගරයේ බැංකුවකින් මුදල් ලබා ගැනීමට ජනතාව පෙළ ගැසි සිටින අයුරු |
14:50 රොයිටර් ඇසුරෙනි
සිම්බාබ්වේ යුද හමුදාව යටතේ පවතින පොලිස් ස්ථාන කිහිපයක පොලිස් නිලධාරීන් නිරායුද කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
14:36 බීබීසී ඇසුරෙනි
පවතින දේශපාලන තත්ත්වය හේතුවෙන් සියලුම බ්‍රිතාන්‍ය ජාතිකයින්ට නිවෙස් තුළට හෝ නවාතැන් ගෙන සිටින ස්ථාන තුළට වී සිටින්නැයි බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශය නිවේදනය කරයි.කිසිදු කුමන්ත්‍රණකාරී ක්‍රියාවකට සහය නොවන්නැයිද එම නිවේදනයේ සඳහන් වෙයි.
14:27 බීබීසී ඇසුරෙනි
සිම්බාබ්වේ රාජ්‍ය මාධ්‍ය 1980 කාලයේ දේශප්‍රේමී ගිත වාදනය කරන බවට වාර්තා වෙයි. එමෙන්ම මේජර් ජනරාල් සිබුසිසෝ මෝයෝ මීට පෙර කළ ප්‍රකාශය නැවත නැවත ප්‍රචාරය කරයි.
14:17 බීබීසී ඇසුරෙනි
ජනපතිවරයා ආරක්ෂා කිරීමට තමන් සහ තම ආධාකරුවන් සූදානම් යැයි සානු-පීඑෆ් තරුණ නායක කුඩ්සායි චිපන්ගා කළ ප්‍රකාශයෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි වාර්තා වේ.
14.16 - රොයිටර් ඇසුරෙනි
සිම්බාබ්වේ හමුදා ප්‍රධානියා පසුගිය සතියේ බීජින්හී කළ සංචාරය ‘සාමාන්‍ය හමුදා හුවමාරුවක් ‘පමණක් බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි.
අද (15) වන විට සිම්බාබ්වේහී පාලනය හමුදාව යටතට ගෙන ඇති නමුත් හමුදාපතිවරු මෙය හමුදා කුමන්ත්‍රණයක් නොවන බවට ප්‍රකාශ කළහ.ජනාධිපති රොබට් මුගාබේ මහතාට සම්බන්ධ බව කියන ‘‘අපරාධකරුවන්ට‘‘ එරෙහිව රාජ්‍ය රූපවාහිනි නාලිකා යොදාගැනීමක් මෙහිදි සිදුව ඇති බව වාර්තා වේ.
ඉසෙඩ්.බී.සී නාලිකාව හරහා මේජර් ජනරාල් සිබුසිසෝ මෝයෝ මහතා ප්‍රකාශයක් නිකුත් කරන අයුරු |
14:04 බීබීසී ඇසුරෙනි
සමාජ ජාලා පරිශීලකයින් පවසන්නේ ඊයේ රාත්‍රියේ සිම්බාබ්වේ අගනුවර හමුදා පාලනය යටතට ගත්තද මේ වන විට සන්සුන් තත්ත්වයක් දැකිය හැකි බවයි.
|
13:53 බීබීසී ඇසුරෙනි
සිම්බාබ්වේ අගනුවර පාලනය හමුදාව යටතට ගෙන ඇතැයි වාර්තා වෙයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිම්බාබ්වේ රාජ්‍ය පුවත්පත වන හෙරල්ඩ් පුවත්පතේ වෙබ් අඩවිය මේ වන තෙක් කිසිදු වාර්තාවක් පළ කර නොමැත.
තවමත් එහි සඳහන් වන්නේ ජනාධිපති රොබට් මුගාබේ මහතාට සහය පළකරන පුවත් කිහිපයක් පමණි.
එහි ප්‍රධාන පුවතේ සඳහන් වන්නේ ‘‘අපේ ජීවිත පුදා හෝ ජනපතිවරයා සුරකිනවා ‘‘යැයි තරුණ නායක කුඩ්සායි චිපන්ගා කළ ප්‍රකාශයකි.
13:35 බීබීසී ඇසුරෙනි
හරාරේ නගරයේ හමුදා වාහන දකින්නට ලැබේ.හමුදා මුර සංචාරද සිදුවෙන බවට වාර්තා වේ.
13:35 බීබීසී ඇසුරෙනි
සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ මහතා වටා සිටින බව කියන අපරාධකරුවන් ඉලක්ක කරගනිමින් සිම්බාබ්වේ අගනගරයේ සහ අවට ප්‍රදේශවල පාලනය හමුදාව යටතට ගෙන ඇත.නමුත් 93 වියේ පසුවන ජනපතිවරයා සහ ඔහුගේ පවුල ආරක්ෂිතව සිටින බවට වාර්තා පළවිය.
මීට සතියකට පමණ පෙර සිම්බාබ්වේහී උප ජනපති වූ එමර්සන් මහතා ඉවත් කිරීමෙන් අනතුරු වත්මන් ජනපති මුගාබේ මහතාගේ බිරිඳ වන ග්‍රේස් මුගාබේ මහත්මියට උප ජනපති ධූරය ලබාගැනීම සඳහා අවස්ථාව ලැබිණි.එමෙන්ම වත්මන් ජනපතිවරයා තම ධුරයෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේදී මීළඟ ජනපති ලෙස පත්වීමේ අවස්ථාව ද ඇයට හිමි වූවාය.
මේ වන විට හරාරේ නුවර නිල නිවසේ රඳවාගෙන සිටින බව කියන සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේ මහතා සමග ග්‍රේස් මහත්මියද රඳවාගෙන සිටින බව වාර්තා වේ.
|
13:15 බීබීසී ඇසුරෙනි
සිම්බාබ්වේ ජනපතිවරයා තම ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවට දකුණු අප්‍රිකානු ප්‍රධාන පුවත් වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.
|
13.00 බීබීසී ඇසුරෙනි
සිම්බාබ්වේ හිටපු උප ජනපති එමර්සන් මහතා අතුරු ජනපති වශයෙන් පත් කර ඇතැයි සානු-පීඑෆ් ආධාකරුවන් පිරිසක් විසින් මෙහෙයවන බවට සැකකෙරෙන ට්විටර් ගිණුමකින් ප්‍රචාරය කර තිබේ.එමර්සන් මහතා එම ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ රජයට ද්‍රෝහී වූ බව කියමිනි.එම ඉවත් කිරීම වර්තමාන ජනපතිවරයාගේ බිරිඳ වන ග්‍රේස් මහත්මියට මීළඟ ජනපති වීමට ඉඩ ලබා දීමේ පියවරක් බවට බොහෝ පිරිස් චෝදනා කළහ.හිටපු උප ජනපතිවරයා ඉවත් කරන ලෙස ජනාධිපති මුගාබේ මහතාට ඔහුගේ බිරිඳ දැන්වූ බව ප්‍රචාරය විය.
සිම්බාබ්වේ අගනුවර පාලනය හමුදාව යටතට ගෙන ඇතැයි වාර්තා වෙයි.
http://www.lankadeepa.lk/latest_news123445464
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘සිම්බාබ්වේ ජනපති ආර්යාව රටෙත් නෑ‘
Sampath Wednesday, 15 November 2017 02:04 PM
හැම තැනකම වෙන්නේ තමන් හරියට වැඩේ නොකර ළඟට වෙලාවට දෙන කෙනා ගැන හිතලා අනාගන්න එකයි. ඒ තැන්වලත් රජයන්ගේත් මේ හැසිරීම නිසා දක්ෂයන් හා සුදුස්සන් අල්ලන්න දන්නවා. මේක හැමෝටම පාඩමක්...
Nandalal DE SILVA - France Wednesday, 15 November 2017 03:18 PM
අපේ රටේ හිටපු ජනපති ආර්යාව නම් තවමත් නිදහසේ, නිදැල්ලේ යහතින් ඉන්නවා. ඕක තමා සිම්බාබ්වේත්, "සකල සිරින් පිරි සිරි ලංකාවේත්" තිබෙන නිදහස !!