IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


සිම්බාබ්වේ අගනුවර පාලනය හමුදාව යටතට

තමන් අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව සිම්බාබ්වේ හමුදාව කියයි. සිම්බාබ්වේ රාජ්‍ය රූපවාහිනි සේවය වන ‘ඉසෙඞ්.බී.සී’ ඔස්සේ ප්‍රකාශයක් කරමින් හමුදාව ඒ බව ප්‍රකාශ කර තිබේ.
 
කෙසේ නමුත් මෙය හමුදාව ආණ්ඩුව හමුදා බලය අතට ගැනීමක් නොවන බවත් ජනාධිපති මුගාබේ ආරක්ෂිතව සිටින බවත් වාර්තා වේ. 
 
බදාදා (15) අළුයම් කාලයේ සිම්බාබ්වේ අගනුවර වන හරාරේ නුවරට උතුරු පෙදෙසට වන්න පිහිටි නගරබද ප්‍රදේශවලින් දිගින් දිගටම වෙඩි හුවමාරුවල ශබ්ද සහ කාලතුවක්කු ප්‍රහාරවල ශබ්ද ඇසුණු බව ද වාර්තා විය. 
 
හමුදා ඇඳුමින් සැරසුණු නිලධාරියකු යැයි කිවහැකි පුද්ගලයකු රූපවාහිනිය ඔස්සේ රටේ සමාජ ආර්ථික අර්බුද ඇති කරන අපරාධ එරෙහිව කටයුතු කරන පිරිසට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබේ. 
 
මෙය හමුදා කුමන්ත්‍රණයක් නොවන බවත් ආණ්ඩුවට මෙයින් කිසිදු බලපෑමක් හෝ ආණ්ඩුව මීට සම්බන්ධ නැතැයි දකුණු අප්‍රිකාවේ සිටින සිම්බාබ්වේ නියෝජිත ඉසැක් මොයෝ පැවැසීය. 
 
අනූතුන් වියේ පසුවන ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුල ආරක්ෂිතව සිටින බවත් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවත් අදාළ ප්‍රකාශයේ සඳහන්ව තිබේ. 
 
එමෙන්ම තම මෙහෙයුම අවසන් වූ පසු සියල්ල යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව ද යුද හමුදාවේ රූපවාහිනිය ඔස්සේ ඉදිරිපත් කරන ලද ප්‍රකාශයේ සඳහන්ව ඇත.
 
මේ අතර මෙම හමුදාමය ක්‍රියාමාර්ගයට නායකත්වය දෙනුයේ කවුරුන්ද යන්න මෙතෙක් පැහැදිලිව වාර්තා වී නැතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. 
 
(055)



අදහස් (6)

සිම්බාබ්වේ අගනුවර පාලනය හමුදාව යටතට

කුමාර් (ගල්ෆ්) Wednesday, 15 November 2017 06:07 AM

තවත් ඉඩි අමින් කෙනෙක් එන්න වගේ හදන්නේ අලුතෙන්?

:       173       2

chaminda Wednesday, 15 November 2017 06:11 AM

ශ්‍රී ලංකාවටත් ......?

:       69       1978

ruwan Wednesday, 15 November 2017 06:29 AM

මෙහෙම ගියොත් ලංකාවටත් මේ ටික ලගදීම වෙයිද කියල සැකයි.

:       49       209

rocky Wednesday, 15 November 2017 09:47 AM

රුවන් මලයෝ, අපටත් කරදර වෙන්න ලඟයි වගේ කියල මට නම් හිතෙනවා!ජයවේවා!!

:       51       38

Lasa Wednesday, 15 November 2017 10:20 AM

ලංකාවේ මිනිසුන්ගේ මොලේ තියෙන තැන මට නම් හිතාගන්න බැහැ...

:       35       0

Gihan Thursday, 16 November 2017 04:20 AM

අපිට කොයින්ද එහෙම වාසනාවක්.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 108 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


ජනපති චමරිට කතා කරයි
2024 අප්‍රේල් මස 18 250 0

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික


ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි
2024 අප්‍රේල් මස 18 463 0

’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්


අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 467 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 1286 1

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1483 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site