IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සමෘද්ධි සමීක්ෂණයෙන් කෝටි ගණනක පාඩුවක්


 
බිඟුන් මේනක ගමගේ

                                           
සමෘද්ධිලාභී ලැයිස්තු යාවත්කාලීන කිරීමේ අරමුණෙන් සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුබසාධන අමාත්‍යාංශය මගින් 2017 වසරේ ආරම්භ කළ සමීක්ෂණය අතරමග නතර කිරීමෙන් රුපියල් කෝටි ගණනක මුදලක් නාස්ති වී ඇතැයි දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.


සහනාධාර ලැබෙන සීමාවෙන් ඉහළ ජීවන මට්ටමට අවතීර්ණ වූවන් හඳුනාගැනීම ඉලක්ක කරගත් ප්‍රශ්නාවලියක ස්වරූපයෙන් ක්‍රියාත්මක වූ මෙම සමීක්ෂණයට නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සම්බන්ධ කරගත්තේ යැයි ද එනිසා ඊට විශාල පිරිවැයක් හා කාලයක් වැය වී යැයි ද හෙතෙම අවධාරණය කළේය.


එහෙත්  එම ක්‍රියාවලිය  විවිධ දේශපාලන සටන් පාඨ පදනම් කරගෙන අතර මග නතර කළේ යැයි ද එමගින් සිදුවූ මූල්‍ය නාස්තිය ගණන් බැලුවොත් රුපියල් කෝටි ගණනක් වනු ඇතැයිද එම නිලධාරියා කීවේය.


මේ සම්බන්ධයෙන් දිවි නැගුම දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයෙන් විමසීමේදී එහි නිලධාරියකු පැවැසුවේ එසේ ලබාගත් දත්ත වෙනත් වැඩවලට යොදාගන්නා බවයි.


ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව මල්ටි ඩයමෙන්ෂනල් සර්වේ ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කළ මෙම සමීක්ෂණය අයදුම්පත් පිරවීමේදී හා පරිගණකයට තොරතුරු ඇතුළත් කිරීමේදී තොරතුරු වැරදි සහගතව සඳහන්ව ඇති නිසා අවලංගු කළේ යැයි විෂය බාර හිටපු ඇමැති එස්.බී දිසානායක මහතා එකල මාධ්‍යයට පැවැසීය .



අදහස් (2)

සමෘද්ධි සමීක්ෂණයෙන් කෝටි ගණනක පාඩුවක්

manoj Sunday, 17 June 2018 09:21 AM

තොරතුරු වැරදි නම් ඒවා සාක්ෂි සහිතව ඉදිරිපත් කරලා දෝෂ නිවැරදි කරලා දුප්පත් මිනිසුන්ට යහපතක් කරන්න ඕනෑ. නැතුව දෝෂ ඇතැයි කියලා කටින් පමණක් කියලා විශාල පිරිවැයක් යොදලා කරපු සමීක්ෂණයක් අහක දාන එක නෙමේ වෙන්න ඕනේ. ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන, රෝහල්, ගුවන් තොටුපල, පොලිසි, ආවරණය වෙන විදියට දත්ත පද්ධතියක් තිබ්බා නම් මිනිසුන්ට ඕනෑ විදියට බොරු කරන්න බැහැ. ඇඟිලි සලකුණු හෝ අයි ස්කෑන් මගින් රටේ ඕනෑම තැනකදී මනුස්සයව අඳුරගෙන සියලු විස්තර එකම පද්ධතියකින් ගන්න තිබ්බා. වෙනවෙනම ආයතන මගින් නිතර නිතර සමීක්ෂණ තියලා කොටි ගණන් නාස්ති කරන්න ඕනෙ නැහැ. මනුස්සයෙක් මැරුණාම මෙය කාගේ කව්ද කියලා හොයන්න නෑදෑයෝ පස්සේ යන්න ඕනත් නැහැ.

:       0       11

රවින් Sunday, 17 June 2018 10:42 AM

වැරදි කියල කොහොම හරි මෑන්ස් ගාණ කපාගත්තා. මාට්ටුවෙන්න යනකොට පැත්ත මාරුවුණා. ඒ පැත්තෙන් ගාණ කපාගෙන මේ පැත්තට මාරුවෙනවා. ම්ර්පත්තෙන් ගාණ කපාගෙන ඒ පැත්තට මාරු වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site