IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සභාපති සමඟ ගැටී පපුව අල්ලාගෙන රෝහලට යයි

අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ
 
බළන්ගොඩ නගර සභාවේ අද (11) පැවති නගර සභා මාසික රැස්වීමේ දී මුලාසනයේ සිටි සභාපති  චමික ජයමිණ විමලසේන මහතාට ආණ්ඩු පක්‍ෂයේ ම සිටි සභිකයකු විසින් පහරදීමට තැත්කිරිම නිසා සභාව ගාලගෝට්ටියක් බවට පත්ව කෙටි වෙලාවක් කල් තබා පොලීසිය කැඳවා රැස්වීම යළි පවත්වාගෙන යාම සිදුවිය.


නැවත රැස්වීම පටන් ගෙන සුළු වෙලාවකට පසු සභාපතිවරයා සමඟ මුලින් ගැටුණු පාලක පක්‍ෂයේම සභික නිමල් ගාමිණී වීරසිංහ මහතා පපුව රිදෙන බව පවසා රෝහල් ගතවීමට පිටව ගියේය.


බළන්ගොඩ නගර සභා කාර්යාල රැස්වීම් ශාලාවේ දී ඔක්තෝබර් මාසයේ රැස්වීම අද (11) පෙරවරු 08.08ට ආරම්භ විය. 


එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයන් හය දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභිකයන් තිදෙනා එක්ව නගර සභාවේ පාලන බලය හිමිකරගෙන ඇත. 


පොදුජන එක්සත් පෙරමුණේ සභිකයන් හත් දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ සභිකයා විපක්‍ෂය නියෝජනය කරයි.


රැස්වීම ආරම්භ වීමට පෙර විපක්‍ෂය නියෝජනය කරන  පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුවේ) සභිකයන් හයදෙනාද සභිකාව ද කලූපටි පැළඳ විවිධ පාඨ ලියූ පෝස්ටර් අතැතිව නගර සභා පරිශ‍්‍රයට පැමිණියේ ය. 


ඔවුන් සමඟ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ සභික හිටපු නගරාධිපති නිමල් ගාමිණී වීරසිංහ මහතා ද සිය මුඛය ආවරණය වන පරිදි කලූපටියක් බැඳ ‘‘ආනන්දනීය නගරයට මොකද වුණේ’’ යැයි සඳහන් පොස්ටරයක් ප‍්‍රදර්ශනය කරමින් එක්ව සිටීම කැපී පෙනුණි.


මෙම පිරිස නගර සභා කාර්යාලය ඉදිරිපිට ටික වෙලාවක් මෙසේ විරෝධතාවේ යෙදී සිටියහ. ‘‘මහින්ද, මෛත‍්‍රී, ගෝඨාභය ඝාතන සැලැස්ම හෙළාදකිමු’’, ‘‘බළන්ගොඩ නගර සභාවට සුනඛ බද්ද නැතුව බැරිද?’’, ‘‘ඩොලරයේ වෙනස සැපඳ’, ‘‘රණවිරුවන් ඇතුළට, විජයකලා එළියට’’ වැනි පාඨ ලියූ පුවරු ඔවුන් අත විය.



අදහස් (7)

සභාපති සමඟ ගැටී පපුව අල්ලාගෙන රෝහලට යයි

Thilak Thursday, 11 October 2018 05:38 AM

මහ ජනතාවගේ මුදල් නාස්තිකරන ජෝකර්ලා

:       0       86

Saththaya Thursday, 11 October 2018 06:02 AM

මේ රටේ මහත්මා ගතිගුණ තියෙන අයට නීතිවිරෝදීව මුදල් හම්බකරන්න බැරි නිසා මහජන සේවයක් කරන්න ඉදිරිපත් වෙන්න බැහැ . ඒ නිසා වැඩි මනාපයෙන් ජය අරගෙන උසස් පුටුවට යන්නේ , රට කාබාසිනියා කරන ව්‍යාපාර කරන උදවිය. ඒවායේ ප්‍රතිපල තමයි මේ පෙන්නන්නේ. ඔවුන්ට දැන් පුරුදු නැති හොද නරක කව්ද කියලාදෙන්න යන්නේ. මේ කට්ටිය දැන් VIP ලා. දැන් ගොඩ ගන්නනට කාටවත් බැහැ.

:       0       63

PerakumThursday, 11 October 2018 07:43 AM

ඒ නිසා මීළඟ මැතිවරණයේදී අපි දැඩි තීරණයක පිහිටා සුදුස්සන් පමණක් පත්කර ගමු. පක්ෂ පාට කුමක් වුවත් කම් නැත.

:       0       25

BamunuarachchiFriday, 12 October 2018 04:48 AM

පැරකුම් අපි සුදුස්සන් පත් කොරන්න පක්ෂ විසින් සුදුස්සන් ඉදිරිපත් කොරන්න එපාය. 1977 පසු පක්ෂ ඉදරිපත් කරන්නේ, මංගල සමරවීර කියන විදිහට, කුඩුමුදලාලිලා, වගේ මිනිසුන් සහ කිසිම උගත් කමක් නැති රටට සේවයක් කොරන්න කැමති මිනිසුන් නොව තම පරම්පරාව හදා ගන්න හදන මිනිස්සුය. 1956 කාලයේ දේශපාලනයට ආවේ ගරු වෘත්තියක් හැටියට සලකාගෙන රටේ පිළිගත් ගරු කටයුතු පුද්ගලයින්. දැන් දේශපාලනයට එන්නේ ජනතාවගේ කෝණයෙන් බලන විට පල් හොරුය.

:       0       0

Hafeel Thursday, 11 October 2018 07:24 AM

වෛද්‍ය සංගමය සහ මෙයාලා අතර තියන වෙනස මොකද්ද?

:       0       6

රවින් Thursday, 11 October 2018 07:26 AM

අපි දන්නා තරමින් නම් දේශපාලුවන්ට හිතක් පපුවක් නැහැ...... හොරකම.

:       0       2

Bamunuarachchi Friday, 12 October 2018 04:29 AM

මේ වගේ ලෙඩ්ඩු ද පත්වෙලා ඉන්නේ. අනේ රටට ගිය කලක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31376 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13615 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11018 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1033 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site