(සීඑන්එන් ඇසුරෙනි-042)
ස්වීඩන් ස්ටෝක්හෝම් හී කාර්ය බහුල වීදියකට ට්‍රක් රථයක් කඩා වැදී ඇති අතර ඉන් දෙදෙනකු මිය ගොස් ඇත.විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු හා ස්ටොක්හෝම් උමං මාර්ග මේ වන විට වසා දමා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
“මේ වන විට ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා.තුවාල වූ ගණන හා මිය ගිය ගණන ගැන මෙතෙක් හරි තොරතුරක් නැහැ“ ඔහු කීවේය.
එරට අගමැති ස්ටෙෆන් ලොප්වන් මහතා මේ ගැන දැනුවත් වීමෙන් අනතුරුව එම නගරයට පැමිණෙමින් සිටින බව අගමැති කාර්යාල ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.
ප්‍රහාරය පිටුපස සිටිනේන කවුදැයි සෙවීමට එරට බුද්ධි අංශ මේ වන විට පරීක්ෂණ අරඹා ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.