බිමල් ශ්‍යාමන් ජයසිංහ
අධි සුඛෝපබෝගී වාහන අටක් නිශ්පාදන සමාගමෙන් මිලදී ගැනීම වලක්වාලමින් රජයට රුපියල් කෝටි දෙකක පාඩුවක් සිදුකළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගෙන් අද (26) පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින එවක ජනාධිපති කාර්යාලයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරවරයකු වන ඒ.එල්.ඩි ගුණරත්න හා හිටපු අතිරේක ලේකම් ඩි.එස් ගුණරත්න යන මහත්වරුන්ගේ ප්‍රකාශ වලින් හෙලි වූ තොරතුරු අනුව හිටපු මන්ත්‍රීගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා මහතා පැවසීය.
එම අධි සුඛෝපබෝගී වාහන අටෙහි වටිනාකම මෙන් දෙගුණයක් වැය කර මිලදි ගන්නා ලෙස ගුණවර්ධන මහතා බලපෑම් කර ඇති බව ප්‍රධාන ගණකාධිකාරවරයාගේ හා අතිරේක ලේකම්වරයාගේ ප්‍රකාශවල සටහන්ව ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලිපිගොනුත් පරණ ඒවා වගේ අස්ථාන ගතවෙයිද?
මෙයාගෙන් ප්‍රශ්න කරනවා. එයාගේ අයියට ශ්‍රී ලන්කන් එකේ ලොකු පුටුවක් බාරදෙනවා. එහෙම කරලා ශ්‍රී ලන්කන් එක "ගන්න දෙයක් නෑ" කියල හඬා වැලපෙනවා. ලොක්කත් බුදි. සොක්කත් බුදි. "පට්ට හොරු" කියපු කට්ටිය ජය ගෝෂා මැද්දේ නැවත රජවෙනවා. ඊළඟට ලංකාවෙන්ම තුන්වෙනි ධනපතියා වෙලා කන්න දුන්න අත හපන්න ගිහින් අහන්න වෙලා තියෙන්නේ " දැක්කනේ බයිසිකලේ ආපු මිනිහත් දින්න නාගයාගෙන් ආපු මිනිහත් දින්න. ඉතින් දැන් අපි කරන්නේ මාපිලෙක් හරි දාල මහින්ද නැවත බලයට ගෙන එකයි " කියන කන් අඩි බිරි වෙන අමන කතා නේද? මෙහෙම කියන අයට බලය බන්දේසියක තියල පුජාකරලා නිස්කාරනේ පොලවට පස්වෙන්න තමා වෙන්නේ අයිබෝවන්.
මුන් වගේ උන් තමයි මහින්ද රාජපක්ෂ ජනධිපති තුමාව කෑවේ වටේ ඉදගෙන.
මොන පිස්සු වැඩද , කොච්චර කාලෙක ඉදල මේ නාඩගම නටනවද. ඕක තාම ඉවරයක් කරගන්න බැරි පොලිසියක් මොකටද.
මේ රටේ බිහිවෙච්ච ආණ්ඩු වලින් ගන්න තියෙන අදර්ශේ තමයි, හොරකම් කරනවානම් පොඩි පොඩි ගණන් නැතුව බිලියන ගානක් හොරකම් කරන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ කවුරු බලයට පත් උනත්.
වාහනවල වටිනාකම මෙන් දෙගුණයක් වැය කිරීමට මොහුට ඉහලින් සිටින දේසපාලකයෙක් බල කර සිටියදයිත් සොයා බැලිය යුතුයි.