(විනීතා එම්. ගමගේ)
ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම මඟින් බදු වංචා නීතිගත කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා චෝදනා කළේය.
එමෙන්ම එම ගිවිසුමෙන් ‘‘රි- ඉන්ජිනියරින්’’ නමින් හඳුන්වමින් වෙනත් රටවල ඉවතලන අබලි උපකරණ නැවත සකසා අලූත් නිෂ්පාදන ලෙස මෙරටට ගෙන එන්නට සුදානම් වන බවත් මේ නිෂ්පාදන නිසා ඉන්දියාව චීනය ඇතුළු රටවල්වල ඉවතලන දෙයින් පිරුණු කුණු ගොඩක් බවට ශ්‍රී ලංකාව පත්වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ට ඇති සියලූ අයිතිවාසිකම් මේ ගිවිසුම හරහා සිංගප්පූරු වැසියන්ටත් ලැබෙනු ඇති බවත් අපේ වෘත්තිකයන්ට ඇති අවස්ථා නැතිවනු ඇති බවත් සමරවීර මහතා කීය.
සමරවීර මහතා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ දී අද (16) පැවැති මාධ්‍ය හමුවක දීය.
එහි දී තව දුරටත් අදහස් දැක්වු ජයන්ත සමරවීර මහතා මෙසේ ද පැවසීය.
ජනතාව මත අධික බදු බරක් පැටවූ ආණ්ඩුව දැන් ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ජනතාව නොමරා මරන තත්වයක් උදාකර තිබෙනවා. අපේ‍්‍රල් පළමු වැනිදා සිට සමස්ත ජනතාවම බදු දැලකින් සිර කරමින් ඔවුන් දැඩි පීඩනයකට ලක් කළ මේ සිරිසේන - වික‍්‍රමසිංහ ආණ්ඩුව දැන් තෙල් මිල ද ඉහළ දමා තිබෙනවා. තෙල් මිල ඉහළ දැමීමෙන් සියලූ භාණ්ඩ හා සේවාවන් හි මිල තවත් වටයකින් ඉහළ යනවා. ඒ නිසා මේ ආණ්ඩුව තෙල් මිල ඉහළ දමා ජනතාව නෙමරා මරන්නයි හදන්නේ.
‘මහින්ද රාජපක්‍ෂ පාලනය පාරවල් හැදුවාට, කොන්ක‍්‍රීට් සංවර්ධනයක් කළාට ජනතාවට සහන දුන්නේ නැහැ. බඩු මිල අඩු කළේ නැහැ. අපි ඒ සියල්ල කරනවා’ කියමින් ආපු ආණ්ඩුවක් අද අපි කන, බොන, අඳින, පළඳින සියල්ලේ මිල අහස උසට නංවා තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද ඔයවගේ බොරු කියන්න ඉගැන්නුවේ?
ඔය කියන විදිහට ඉන්දියාවේ සහ චීනයේ තිබෙන පරණ යකඩ කුණුගොඩවල් ඉස්සෙල්ලා සිංගප්පූරුවට අරගෙන ගිහිල්ලා එහෙ ඉඳන් නැවට පටවලා මෙහෙ එවනවා කියලා.. ඉන්දියාවේ සිට හෝ චීනයේ සිට පරණ යකඩ කුණු ගොඩවල් ලංකාවට ගෙන එන එක ලේසි නැද්ද? මේවා පට්ටපල් බොරු..
එතකොට විමල් වංචා නීතිගත කළානම් හරිද?
බදු, වංචා ගැන මෙයාලා පළවෙනි වතාවට අහලා දැනගෙන තියෙන්නේ සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් පස්සෙයි. පව් අනේ !!
විමලයයි ගෝලයෝ හතර පස් දෙනා කටවල් ඇරියොත් එයාල ඇඳිල ඉන්න පක්ෂේ ඡන්ද පදනම අස්ථාවර වෙනබව නායකයෝ දන්නේ නැද්ද?